චතුරංගි හර්ශිකා 4 years ago 146 2 2

Nisadas Image

කහ මල්

2020 සැප්තැම්බර් මස 01 වෙනිදා
මල් පාර අසලදී...

හා හා පුරා කියලා
අළුත් මාසෙ පලවෙනි දවස...

මම ආවා
අපිට පුරුදු මල් පාර ළගට...

තවම උදේ
නවයට විතර ඇති...

මීදුම හරි සැරට අහස
පුරෝගෙන...

නුවරට අදත් වැස්ස
අනෝරාවට කඩාගෙන නොවැටුණාට
දවසම ටික ටික වහිනවා...

මම ගියා
හැමදාම නැවතුණු කහපාට මල් ගහ යටට...

තාර පාරේ ඈතින් වාහන එක දෙක
එනවා...

හරි සද්දෙට බයික් එකක් එනවා
ඇහෙනවා...

ඔන්න එයා එනවා!
මගෙ හිත කෑ ගහලා කියනවා...

උඹට පිස්සුද?
මම හිතෙං අහනවා...

එයා ගියා
යන්නම ගියා...

ආයෙ එන්නේ නෑ
ආවත්, දැන් මට අයිති නෑ...

කහපාට කැලණි තිස්ස මල්
සිය ගානක් බිම වැටිලා...

එන එන හැමෝගෙම
පයට පෑගෙනවා...

මීදුම අහස වහගෙන
ඉර පේන්නවත් නෑ...

ඒත් මේ ගහයට
ඉර පායලා වගේ...

කහ මල්
බලාගෙන ඉන්නවා මාත් එක්ක
අහස දිහා...

ඉර එනකං...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago ???

චතුරංගි හර්ශිකා 4 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps