චතුරංගි හර්ශිකා 4 years ago 133 4 5

Nisadas Image

වැස්සක්

අගෝස්තුවේ ග්‍රීස්මෙ
හැම අවුරුද්දකටම පොදුයි
ඒත් අද රෑට
අහස හඩනා හැඩයි...

වහල මත වැහි බින්දු
මහ හඩින් ඇද වැටෙයි
නිසංසල රෑ ගගන
කැළඹිලා වගෙ තමයි...

දහවලේ ගිනි අවුව
කර කෙරූ පොළොව මත
වැහි තෙතට ඉරි ඇදෙයි
පස් ගොඩැලි මත රෑට...

වියළි මහ පොළොව මත
වැහි බිංදු වැටෙන කොට
පුදුම සුවඳක් දැනෙයි
මගෙ නාස් පුඩු වලට...

කහ පාට ඉරට වත්
දෙවෙනි නැති කහ පාට
ඉරිඟු යායට වැස්ස
සිපගන්න හැකි රෑට...

හෙට උදේ අපි දැකපු
මහ පොළොව බොර පාට
පුංචි ඇළවල් පිරුණු
ඉසව්වක් වෙයි නේද...

චතූ

Comments (5)

Deesha(දීෂා)❤️ 4 years ago හ්ම්ම් ඔව් ගොඩාාාාක් ලස්සනයි

චතුරංගි හර්ශිකා 4 years ago Thank you ??

Kavinda Sahan 4 years ago ලස්සනයි

ශශී❤️? 4 years ago ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 4 years ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps