චතුරංගි හර්ශිකා 4 years ago 144 3 3

Nisadas Image

මගේ නොවන ඔහු ඈ අතගත් වගයි!

සෙනෙහස සුසුමක් ගානේ
උතුරන විට රෑ යාමේ...

මතක් උනෝතින් මාවත්
මතකෙන් පිටමං කරන්න...

තවත් ඉතිං අපි දෙන්නා
අපි දෙන්නගෙ නොවෙන නිසා...

මතක ඉරා උඩු ගුවනේ
දුර ඈතට පා කරන්න...

මම කවදාවත් ආයෙත්
ළං වෙන්නෑ කාටවත්ම...

දවසක එන්නම් උදයක
ලස්සන කූඩුව බලන්න...

ඈත ඉඳන් බලන් ඉදලා
නොදැනෙන්නට යන්නම් මම...

උඹේ පුංචි පුතා ටිකක්
දැකගන්නම් රහසේ මම...

උඹ හිනැහෙන ගිම්හානෙක
දුර ඈතම කදු මුදුනක...

උඹට හොරෙන් උඹේ හිනා
බලා හිඳිමි හැන්දෑවක...

- චතූ

Comments (3)

Deesha(දීෂා)❤️ 4 years ago ??? ලස්සනයි

චතුරංගි හර්ශිකා 4 years ago Thank you ?

සත්සරණි 4 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps