චතුරංගි හර්ශිකා 4 years ago 136 3 3

Nisadas Image

උඹ

අතොරක් නැතුව ලියනවා
අකුරක් ගානෙ ඉන්නවා

කදුලක් උනත් වැටෙනවා
හිත තවමත් තදින් රිදෙනවා

එක පිටුවක් ඉරල දානවා
අනිත් පිටුවෙත් උඹම ඉන්නවා

පිටු ඔක්කොම එකතු කරනවා
කොල ගොන්නටම ගිනි තියනවා

හැම හීනෙම රෑට ඉන්නවා
හැම මොහොතම උදුර ගන්නවා

මොන කවියෙත් මැදින් එබෙනවා
මට මාවම එපා කරනවා!

- චතූ

Comments (3)

Deesha(දීෂා)❤️ 4 years ago අනේ ???

සත්සරණි 4 years ago හරි ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 4 years ago Thank you





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps