1,798 Total Nisadas Found





Deesha(දීෂා)❤️ 3 years ago 201 7 16

Nisadas Image

___________රත්තරන් අම්මිට____________

හැමදාම නුඹ තුරුලෙ මා සැනසුවා
හාදුවක් මුවඟේ තබා....
කඳුළු කැට සඟවා දෙනෙත් ඉම
මගේ කඳුලැල් පිසඳුවා.....
අම්මි නුඹෙ පණ නලට මා පෙම් කළා
රිදුමන් ළයේ තෙරපලා.....
හුරුපුරුදු සංසාර සුවඳම මටත්
නුඹෙ ලඟින් දැනුනා සදා.....

ඉකිගසා හඬන්නට කඳුළු නැහැ ඔය නෙතේ
එය මා හොඳින් දන්නවා......
මවකගෙ උතුම් පෙමට මා දුන්න දුක් ගින්න
විඳවාවි සසරම මෙමා.....
ඉවසන්න ඉවසන්න රුධිර කඳ ගලනවා
මෑණියනි නුඹ දන්නවා.....
ඇමතුමක් අරගන්න තව මඳක් හිනැහෙන්න
මගෙ සවන් නුඹ සොයනවා.....

රෝහලේ සයනයක මට නොහැක ඉවසන්න
ඇවැසිමයි සෙනෙහ⁣ස නුඹේ....
උණුසුම්ම හාදුවක් ආදරෙන් මට දෙන්න
සීතලයි සිරුරට මගේ......
අවසරයි නමඳින්න නුඹේ පායුග මෙමට
මම රෝස කැකුළයි නුඹේ....
මෑණියනි ආදරය රැගෙන අසලම ඉන්න
නෙත් ගිලෙන තුරු ගනඳුරේ..............

(රෝහල් සයනයේ සිට✍️)

❤️mila❤️ 3 years ago 153 5 14

Nisadas Image

ටු සොවුල් මේට්, ?️

පන්තියේ සය මසක් එකටම ඉගෙනුම ලැබුවේ
ඉන් එක් දිනක්වත් නොම මා දෙස බලා සිනාසුනේ
එවිට මා ද ඔබ පිලිබද සිතුවෙ මෙසේ,
ආඩම්බර කොල්ලෙක්යැයි කියා අනේ.... ?

දිනක් ඔබව චාරිකාවෙදි දුටුවේ
එවිට නුහුරු හැගුමකින් මා සිත වෙලා ගියේ
නුබ දෙස බලා මා හදවත සසල වුනේ
නුබෙ ගතිගුන දුටු මා සිත වශීවුනේ..... ?

බසයේ යනෙන විට ඔබ මා සමගම සිටියේ
සුලු මොහොතකින් හොද මිතුරන් වුයේ
නමුත් මිතුරුදම මොහොතකටම සීමා වූයේ
ඔබ මාගෙන් බහ දෙන්නට විමසුයේ..... ?

එය ඇසූවිට මා පුදුම වුනේ
කුමක් කරන්දැයි හදවත නොම කීවේ
ලැජ්ජාවෙන් ඔබ දෙස බල සිනාසුනේ
සිතා බලා පවසන්න කියා නුබ මිතුරන් දෙසට ගියේ....?

සත් දිනකින් මා නුබ හට බහ දුන්නේ
එදින පටන ඔබ මා ආදරයෙන් උන්නේ
නි‍රතුරු මා අසලම සිට මා රැක්කේ
පියාගෙන් පසුව මට ලැබු සෙනෙහසිනේ.....?

අදට වසර දෙකක් ගතවුනේ අපෙ ආලයට
මියෙනා තුරු මෙසේ ඉන්නට නිරතුරු පතමි මම
මැනවින් ඉගෙනගෙන, නුබවද තැනකට රැගෙන
නුබෙ පතිනිය වෙන තුරු ඉවසුම් නෑනේ මට....?

?මිලා??️













Naween Perera 3 years ago 174 4 14

Nisadas Image

අභිනික්මන

සංසාරෙන් එතෙරවෙන්න අදිටන් මා හිතේ දරා
යන්නට අවැසිය නැත කිසිවක් මා හිතින් දරා
හිරවුනු මගෙ හදවත බලපන් නුබ එබී බලා
බැරිම දෙයයි මට යන්නට මගෙ අම්මයි නුබයි දමා..
ආපු කාරනේ මෙලොවට දැන් අවසන් වෙතයි
එනමුදු යන්නෙ කොහොමද නුබ මගෙ පණ මෙනැයි
එකම සතුට කොට උබ හද සිතුවම් මවයි
නැත්තෙත් උබමයි මට මේ ජීවිතෙ අරුත් කිමැයි..
පාප කරුම ගෙව්වා මම හැම දේම නිමයි
විදින්න තිබු ජීවිතේම විදවෙව්වේ පෙමයි
එනමුත් හැමදාකම උබ මාගේ පණයි
බලා ගනිමි නුබ ආ කල මගේ දෑස සමයි..
බැහැ යන්න හැමදේ අතහැර  මට සසුන කරා
නියම අරුත නැත එහි කලකිරුම අරා
තේරුම දැන හැරයාමේ සසරක තතුම විනා
සසුනට වරදන්න බැරිය මට වැරදුනු නියා..
යන්නට හිදින්නට බැහැ එක සිත් ඉන්ට
පැතිරෙන හද ගින්න බැහැ ඉවසා ගන්ට
එනමුදු තාම මගෙ පණ ටික රැක ගන්ට
හේතුව එකම මගෙ රට දැය රැක ගන්ට...

~නවියා~







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps