1,798 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 3 years ago 186 5 9

Nisadas Image

නුඹ

✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾➣✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰ?⃟⌘࿔⃝❤


හීන පුරනා මීන ඇස් ළග
ගීත ගයනා කොවුලෙක්ය නුඹ
නීල ගගනත පාළු නොකරන
සීත මකනා හිරු කිරණ නුඹ...

ඈත දුරකට යන්න මා හා
දෑත් පටලා දුරක් ආ නුඹ
රෝස පිටුවක් පුරාවට ලියු
ප්‍රේම කවි පද පේළියක් නුඹ...

පෑල දිග රත් අහස සිපගෙන
එබී බලනා පුර හඳක් නුඹ
පාළු මූසල අඳුරු රෑටත්
පෑයු ඉරබටු තරුවක්ය නුඹ...

මම,
චතූ

✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾➣✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰ?⃟⌘࿔⃝❤

✍️කවිකාරි ✍️ 3 years ago 168 6 18

Nisadas Image

....සංසාරගත හුස්මක සුවද...

අහම්බෙන් හමුවුණ නුබ
නැතිව බැරි වුණි ඉතින් හැමදින
අවුරුදු ගණනාවක් පුරාවට
හොදම මිතුරා නුබම විය මට...?

ආදරෙන් නුබ සැමදින
මැට්ටි යැයි ඇමතිය
මැටි වැඩ කරන නිසාවෙන
මමත් නුබ හට මැට්ට යැයි නම දිය..?

හිතන්නට බැරි දිනක්
අමතක නොවන දවසක්
සෙනසුරුගෙ අහසයට
ඉදන් නුබ බහ ඉල්ලුවේ ආලෙන්...?

මගේ නමට නුබ ලග ඇති සෙනෙහස
දැනන් සිටි අය බොහෝ ලග ඇත
මගේ මව්නද එය දැන සිට ඇති බව
දැන ගත්තේ මන් එදා දහයට...?

නුබ නමට පේ උනා මම
අපේ මිතුදම නැවතුමක් කොට
රණ්ඩු සරුවල් කොතෙක් වූවත්
අත් නොහැර අපි අපේ ප්‍රේමය...?

නුබට අනුව මම පොඩි එකෙක් විය
මට අනුව නුබත් පොඩි එකෙක් විය
අපි එකට සිටින කල
බබාලන්තය ඊට සමවිය...?

ඉතින් මගේ පණ මට නුබම විය
ප්‍රේමයෙන් එක්වන්න පෙර සිට
දිනමි දවසක නුබ සමග මම
ලෝකයට රහසින්ම දවසක ?‍?

හැමකල්ම නුබ මගේ ප්‍රාණයයි
පියාගෙන් පසු නුබ මගේ මහ ඇත් රුකයි
ඉතින් උපදින හැම භවයකම මම
නුබේ අත ගත් පාදපරිචාරිකාවයි...??

...කවිකාරි...

නදී ..✍???? 3 years ago 162 5 7

Nisadas Image

අධික රශ්මියෙන් ගත සිත
වෙලාගෙන..
මද නල පහසක් විදුමට
හසරක් නැතිය..
දහඩියෙන් මුලු ගත්හ
නැහැවුනු ලෙසය..
බිමට නෑමට ජලයත්
අඩු ලෙසය..

මම හෙට ෆෑන් ගෙන එන්නෙමි
රස්නයට..
මම හෙට වතුර ටැංකියකුත් සාදන්නෙමි ජල හිගයට..
යනුවෙන් නැගෙයි හැම දිනයකමත්
හරි හරියට..
බෝඩිමේ බිසෝ ඇන්ටිගෙ
බොරු කියවිල්ල..

හැමදාමත් පිසෙයි බතකුයි
දිය පරිප්පුව යි..
තෙල් බේරෙන ලුණු වැඩි
කරවල බැදුම යි..

පාඩම් කරන මේසය
චිරි බිරි ගාතී..
කාමරයේ ජනෙල් එල්ලි
පැද්දෙනවා..
විදුලි සුවිචයද ඇත්තේ
එල්ලෙමිනී..

යන්නට දැන් තැනක් නැත
දැන් කල් ගත වීලා..
විභාගය පෙනෙයි ලග ලග
ඉගි පාලා..

මෙහෙමත් බෝඩිමක් ලැබුවේ
පෙර මොන කරුමෙටද?

නදී..✍️







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps