Naween Perera 3 years ago 168 4 14

Nisadas Image

අභිනික්මන

සංසාරෙන් එතෙරවෙන්න අදිටන් මා හිතේ දරා
යන්නට අවැසිය නැත කිසිවක් මා හිතින් දරා
හිරවුනු මගෙ හදවත බලපන් නුබ එබී බලා
බැරිම දෙයයි මට යන්නට මගෙ අම්මයි නුබයි දමා..
ආපු කාරනේ මෙලොවට දැන් අවසන් වෙතයි
එනමුදු යන්නෙ කොහොමද නුබ මගෙ පණ මෙනැයි
එකම සතුට කොට උබ හද සිතුවම් මවයි
නැත්තෙත් උබමයි මට මේ ජීවිතෙ අරුත් කිමැයි..
පාප කරුම ගෙව්වා මම හැම දේම නිමයි
විදින්න තිබු ජීවිතේම විදවෙව්වේ පෙමයි
එනමුත් හැමදාකම උබ මාගේ පණයි
බලා ගනිමි නුබ ආ කල මගේ දෑස සමයි..
බැහැ යන්න හැමදේ අතහැර  මට සසුන කරා
නියම අරුත නැත එහි කලකිරුම අරා
තේරුම දැන හැරයාමේ සසරක තතුම විනා
සසුනට වරදන්න බැරිය මට වැරදුනු නියා..
යන්නට හිදින්නට බැහැ එක සිත් ඉන්ට
පැතිරෙන හද ගින්න බැහැ ඉවසා ගන්ට
එනමුදු තාම මගෙ පණ ටික රැක ගන්ට
හේතුව එකම මගෙ රට දැය රැක ගන්ට...

~නවියා~

Comments (14)

Deesha(දීෂා)❤️ 3 years ago ??????

Naween Perera 3 years ago ස්තුතියි දිශා

❤️mila❤️ 3 years ago හිතට දැනුනා ?? ලස්සනයි නවීන් ?

චතූ 3 years ago ?❤

Naween Perera 3 years ago ස්තුතියි mila ☺️

Naween Perera 3 years ago ස්තුතියි චතූ ☺️

ශශී❤️? 3 years ago ගොඩක් ලස්සනයි ❤️

Naween Perera 3 years ago ස්තුතියි සශී

Nethu 3 years ago Harima lassnai?

Naween Perera 3 years ago ස්තුතියි නෙතු

✍️කවිකාරි ✍️ 3 years ago Lassni aiye ??

Dila ???? 3 years ago ?❤️

Naween Perera 3 years ago ස්තුතියි කවිකාරි ❤️

Naween Perera 3 years ago Dila ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps