ශශී❤️? 3 years ago 207 6 18

Nisadas Image

මා මියගිය දිනට....

මා මියගිය දිනෙක ඔන්න
හැකි නම් ඔබ මෙය කරන්න
එපා නෙතට කදුලු දෙන්න
මන් වෙනුවෙන් නොහඩා ඉන්න...
ආ ගිය තැන් සිහි කරන්න
එපා මතක සිත තබන්න
උනුසුම් හාදුවක් තියා
ආදරයෙන් බලන් ඉන්න...
මගෙ හිත මට හදාගන්න
නව දිවියක් පටන් ගන්න
ආසම සුදු මල් අරගෙන
මගෙ සොහොනට ඇවිත් යන්න...

ශශී

Comments (18)

Deesha(දීෂා)❤️ 3 years ago සොඳුර ඉතින් සමාවෙන්න... නොහැකි වේවි එය කරන්න...

Deesha(දීෂා)❤️ 3 years ago නුඹ සමුගන්නා දිනයට... පස් ගොඩක්ය මා පොළොවට...??

ශශී❤️? 3 years ago සුදු නන්ගි.❤️ අහ් ඒ කවිය ලස්සනයි ?

චතූ 3 years ago එපා කදුළු කවි ලියන්න පතමි මගේ පැතුම ඔන්න... මිතුරු සිතින් ළගින් ඉන්න නුඹ මගෙ ආයුෂත් ගන්න...

චතූ 3 years ago දිවි ගමනේ බොහෝ සොඳුරු රස මුසු තැන් සොයා යන්න... නෙතු පියෙනා දිනට නුඹට මාත් ටිකක් මතක් වෙන්න...

චතූ 3 years ago ලස්සනයි ශශී අක්කා❤ දීශාගෙ කවියත් ලස්සනයි ❤

Deesha(දීෂා)❤️ 3 years ago ? ලස්සනයි චතූ අක්කිගෙ කවියත් ❤

ශශී❤️? 3 years ago ලස්සනයි චතු ඔයාගේ කවියත්..❤️?

Naween Perera 3 years ago දැන්ම ඕක එපා හිතන්න තව හුග කල් තියෙනවා ඉන්න

ශශී❤️? 3 years ago ම්ම්ම් කියන්න බෑනේ නේද නවීන්..?❤️

✍️කවිකාරි ✍️ 3 years ago අනේ ඕවා කියන්න එපා අක්කි ඔයලා මට හම්බුන යාලුවෝ ඔයාලා සතුටින් ඉන්න ඔහොම එවා කියන්න එපා

ශශී❤️? 3 years ago ම්ම්ම් කවිකාරි හාකෝ..❤️??

✍️කවිකාරි ✍️ 3 years ago මොකෝ හාන්නේ ?

ශශී❤️? 3 years ago මේකේ හෑවට කමක් නෑ නේද.ඔයාලා විතරනේ ඉන්නෙ.??

✍️කවිකාරි ✍️ 3 years ago හා හාමූ අපි ඔක්කෝම එහෙනම් ??

ශශී❤️? 3 years ago එහෙම කරමුකො කවිකාරි.?

...චූටි... 3 years ago ලස්සනයි අක්කියො ❤️

ශශී❤️? 3 years ago ස්තූතියි චූටි නන්ගියෝ..❤️?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps