1,798 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 3 years ago 172 4 6

Nisadas Image

නුඹට,

නව වසරට තව බොහෝ කාලයක් ඉතිරිව නැත. ගෙවුණු අවුරුදු දා මතක තවමත් මා අසල රැඳී ඇත.

මෙදා නව වසරේදීත් එක් වරක් නුඹට ඇවිත් යන්න හැකි නම්...
නුඹ නේන බක් මහට කොවුලන් හඩාවිද...?
නුඹ නේන බක් මහට මල් පිපේවිද...?

✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾➣✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖ۬


වසත් ගී ඇසෙන කල
මුතු පින්න මැකෙන කල
සිතත් පාවී යාවි
අතීතේ බොහෝ දුර...

නෙතක් නිදි නොම ගන්න
අහස් ගව්වට එපිට
සිතුම් සිතුවිලි රැසක්
සිත පුරා ලතැවේ ය...

දුරක් ඈතට ගිහින්
අතීතේ දවසකදි
අලුත් වසරක අසිරි
වින්ද යුරු සිහිවේ ය...

මෙදා නව වසරෙදිත්
එදා වාගෙම යළිත්
ඇවිත් යන්නට නුඹට
හිතක් නැති වී යයිද...

මම,
චතූ

Naween Perera 3 years ago 168 7 15

Nisadas Image

මීවිත පෙම

මීවිත දෙතොල් රහට හුරු උනාට
ඔබෙ සියුමැලි දෙකොපුල් වල
පාලු මකන්නට බැරි උනාට
එමිහිරි රසයට තවමත් මන් ආදරේය..
මීවිත දෙතොලගම තෙමුවෙ
ඔබෙ සියුමැලි පහස සිහිඋනාම
ඔබ සිහිනයෙ සැතපෙන්නට මිස
සිහිඑලවන්නට සිතට නොවෙම් මට..
වෙව්ලට දෙඅතත් තවමත් ආදරයේ මිහිරියාව
ගෙනහැර මිස ඒ සුන්දර අතීතයෙ මතකයහට
වෙන කිසි සිහියක් එපාය මට ජීවිතේට
ඉන්නවනම් ජීවිතේම ඔබ
මෙලෙසින් මගෙ සිතතුල
එපා මට සිහිඑන්න නැවත
මෙ අවසිහි ආසයි මම..
එපා මට එන්න සිහිය උබ මට හිමි වනතුරු..
ජීවිතයයි දුන්නෙ උබට
නැහැ මට කිසිවකුත් ඉතුරු..
උබ නැවතත් පැමිනෙනෙ තුරු
මීවිත වෙත් මගේ මිතුරු...
මෙ ජීවිතෙ නිමවන තුරු
බලා හිදිමි පණ ඔබ එනතුරු..

~නවියා~







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps