1,798 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 3 years ago 175 4 4

Nisadas Image

පළමු කවියා නෙවෙයි මම එය කරපු

සෙයිලමේ ඉතිරි කරපු
මතක එක්කම හිතට ගොඩ ගහපු
අතීතයත් මුහුදු රළක් ලු
හිත් වෙරළෙ වැලි මාලිගා ආයෙත් බිදියිලු

යෞවනය ගෙනා හීනවල ඇහිදපු
ලස්සනම මතක කවි කදුළු
නෙතට එන්නෙ හෙමිහිටලු
හදා ගත්තු හිතටත් හොර රහසෙලු

කාලෙන් කාලෙට ඇවිත් ගියපු
සුළග කවදත් එක වගෙයිලු
මතක එක්ක අහසට දුවපු
මගෙ හිතත් ඒ තරම් ම සෙල්ලක්කාරයිලු

උපදින්නත් පෙරම වියැකුණු
මියැදුන සකුණ විජිතය හරි සොඳුරුයි ලු
කුරුල්ලා නාවත් එදා මවපු
හීනත් එක්ක කිරිල්ලි ඊයෙත් හිනාවුණාලු

නෙත් සිත් පුදුම කරපු
අනවසර ප්‍රේමයක බැදුනේ රහසින් ලු
අපිත් අමුතුම කවියක් ලු
නොගැළපෙන පද දෙකක් වගේ ලු

ලෝකෙම එපා කියපු
නොගැළපෙන පද දෙකක් එක ළග ලියපු
අමුතුම කවියක් ගොතපු
පළමු කවියා නෙවෙයි මම එය කරපු

මම,
චතූ

චතුරංගි හර්ශිකා 3 years ago 176 7 8

Nisadas Image

ප්‍රේමය?

මොනතරම් ප්‍රේමයක්
තිබුණා වුණත් ලොව
බොහෝ පෙම් හිත් ඉතින්
වෙන් වුණා අන්තිමට

හද පුරා ආදරේ
පිදුවා වුණත් ඔය
කන්නගිය හැර දමා
කෝවලන් නොගියාද

රාධාට ප්‍රේමයෙන්
අතීතෙට එක් වුණත්
පෙම්වතියො හරි ගොඩක්
හිටියාලු ක්‍රිෂ්ණාට

කද දෙවියො වුණත් ඔය
පෙම් කරත් කාලියට
සරණ පාවා ගත්තෙ
තේවානි අම්මාව

මුම්ටාස් සිහි කරන්
ටජ් මහල් තැනුවාට
සාජහන් රජුට තව
බිසෝවරු නොහිටියාද

මනමේ කුමාරිය
පෙම් කළත් කුමරාට
නිසගයෙන් වැද්දෙකුට
කඩුව දුන්නා නොවෙද

රෝමියෝ ජුලියට්ට
පෙම් කරත් හැබෑවට
දෛවයෙන් ඒ දෙහද
වෙන් කළා සදහටම

ඉසුරුමුණි පෙම් යුවල
ගලින් නෙලු නිසා ඔය
එදා අද පුරාවට
ඉන්න ඇති එක තැනම

මම,
චතූ

චතුරංගි හර්ශිකා 3 years ago 170 4 6

Nisadas Image

සිත්තර මනාලිය

මල් කළඹ වූයේ
පින්සල් පොකුරයි ඈට...
මල් පැහැය පැරදූ
නේක වර්ණ තිබුණි එහි යසට...

පති කුලය අසබඩ
පාට ගෑ ජීවිතේ සොයා යන...
නෙක වර්ණ සිතුවමින්
ජීවිත සිතුවම් කරන...

සිත්තර මනාලියයි ඈ
කුලගෙය තුළ කදුළු නොදකින...
දේදුනු පැහැ සායම් ගෙන
කදුලින් දිය කර අදින...

ඇගේ ජීවන සිතුවමට
මිලක් දිය නොහැකි වේ කිසිදින...
දිනෙක ළපටි පුතුන් පිරිවරා හිදින
සිතුවමක් මැවේවි ඇගේ දෑතින්ම...

සිත්තරුන් හිත්වල කදුළු නැත
උන් ඒ කදුළු දිය කර සිතුවම් කර ඇත...
සිත්තර මනාලියක් පතිකුලයට ගිය දිනෙක
ලොවට කිසිදා ඇගේ කදුළු නොපෙනෙනු නිසැක...

ජීවිතේ පාට ගෑ හීන පුරාවටම
අවසානයක් නොමැති ඇගේ වර්ණිත සිතුවිල්ල...
යළි යළිත් හද කැන්වසය මත
ඉපිද ඉපිදී වර්ණ උරාගනු ඇත...

සිත්තර මනාලියයි ඈ
නෑඹුල් ම තාරුණ්‍යයට උරුම සිනහව...
සිහිනිග මැකී යන අවරගිර දිවි හෝරාවේ පවා
ඇගේ වත මඩල මත සිතුවම් ව තිබෙනු ඇත...

මම,
චතූ
2020 නොවැම්බර් මස 20 වැනි දා
පෙ.ව. 11.20

චතුරංගි හර්ශිකා 3 years ago 152 4 4

Nisadas Image

නුඹ නාව මාවතේ බලා හිටියා තනිව

________________________________________

බලා හිටියා මම...මේ දීවාලියටත්, පුරුදු විදිහට, නුඹ ඇවිත් යයි කියලා. සෙයිලමේ සයිවර් කඩෙන් මට පරාටා අරන් දෙන්න නුඹ එයි කියලා...ඒත්, ඒක හීනයක් විතරයි. දීපාවලී හඳ අහසින් බැහැලා ගියා. ඒත්, නුඹ ආයෙ ආවෙ නෑ...

________________________________________

සිපගන්න අනවසර දෑස් අද්දර නිසල
සිතුවිල්ල අකීකරු කතා කියනව නිතර
හිත් පුදසුනේ පිදූ දැවෙන ගිනි මල් පොකුර
සදාතන හීන අළු කර දවයි ජීවිතය

අනවසර දොරටු හැර හද උයන ගිනි තබන
මුලාවක් වුණා හිත යළි යළිත් පාරවන
අහස් ගැබ ඈත දුර සැගව යන්නට දෙන්න
ලොවට රහසින් තැනක මට සදා නවතින්න

සීතලම වැස්සකට තෙමී දියබත් වෙන්න
ඉල් මහේ නිල් පාට ආකහේ දියවෙන්න
සෙයිලමේ දුර ඈත ගිය ගමන සිහිවෙන්න
නුඹ දුන්නු හාදුවේ මතක සුවඳයි තවම

දීවාලි අහස යට පුර හඳට ළං වෙන්න
මග බලා නුඹ එක්ක දෑත් පටලා යන්න
ගිය වසරෙ වගේ මේ වසරෙදිත් ඔබ එන්න
කියා පැතුවා හිතින් වැද පුදා දෙවියන්ව

හුදෙකලා දීවාලි සද අහසෙ ගිලෙනකොට
නුඹ නාව මාවතේ බලා හිටියා තනිව
පැතුම් මල් එකින් එක පරවෙලා වැටෙනකොට
හිස් දෑස් අහස් කුස දෙස යොමා සිටිමි මම

මම,
චතූ
2020 නොවැම්බර් මස 19 වැනි දා
ප.ව. 1.16







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps