චතුරංගි හර්ශිකා 3 years ago 167 5 7

Nisadas Image

ප්‍රථම ප්‍රේමයත් නුඹ ය. අවසන් ප්‍රේමයත් නුඹ ය.

දහසක් දෙනා යනෙනා මග නිසොල්මනේ...
සහසක් දෙනෙත් එකිනෙක ගැටෙනා ගමනේ...
අහසක් තරම් ආදරයක් ඉතුරු
වුණේ...
රහසක් වෙලා සැගවුණු නුඹ වෙනුවෙන් නේ...

දවසක් ඒවි පූදින මල් මියෙන
ලොවේ...
තව සක් පිඹියි එක් වූවන් හට මෙලොවේ...
සනසන් නැතුව හිත රිදවා ගියපු
නුඹේ...
පවනක් වගේ මතකය හා බැඳෙමි
ප්‍රියේ...

හිසකෙස් ශ්වේත වර්ණිත පැහැ
දරන තුරා...
තනිකඩ හීන තුළ ජීවත් වෙමිය
මෙමා...
එදිනත් ප්‍රථම ප්‍රේමය නුඹ සිහි
කරලා...
සුවඳක් සොයා ඇවිදිමි පෙම් මතක
පුරා...

මම,
චතූ

Comments (7)

Deesha(දීෂා)❤️ 3 years ago ?❤️❤️❤️❤️ ගොඩාක් ලස්සනයි අක්කි ✍️?

චතුරංගි හර්ශිකා 3 years ago Thanq dr❤?

චතු ගුණසේකර ? 3 years ago ලස්සනයි චතූ

ශශී❤️? 3 years ago ගොඩාක් ලස්සනයි ❤️?

චතුරංගි හර්ශිකා 3 years ago Thnqq?❤

Geethanjalee 3 years ago Lssnai akki?

චතුරංගි හර්ශිකා 3 years ago Thnqqw?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps