චතුරංගි හර්ශිකා 3 years ago 139 4 5

Nisadas Image

ප්‍රේමය සහ යෞවනය

මල් ගොමුව පුරාවට මුදු පින්න
හැලුනාම...
නෙත් බඹරු හිත් පුරා රොන් ගන්න
ආවාම...
අකීකරු සිතුවිල්ල පෙම් ගීත
ගැයුවාම...
නෑඹුල් ම ආදරේ සුවඳ දැනුනා
දිනෙක...

වස්සාන ගීතිකා අරන් නළ
හැමුවාම...
හිතෙන් හිත යා කරන් ආදරේ
මැවුණාම...
අහිංසක හීනවල හීනියට
කවි ලිව්ව...
යෞවනය දොරකඩින් නැගුණි පෙම්
සිනා හඬ...

හුරු පුරුදු මදහසක නෙත් ගිහින්
රැදුනාම...
ඒ හිනා වත පුරා පෙම් පාට
පිරුණාම...
හුදෙකලා හිත ඉතින් හදාගෙන
උන්නාට...
හිතෙනවා ළං වෙන්න තාරුකා
ඇස් දෙකට...

මම
-චතූ

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago ❤️❤️ Woow ලස්සනයි

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ?❤❤

Geethanjalee 3 years ago ❤️

චතුරංගි හර්ශිකා 3 years ago





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps