Naween Perera 3 years ago 165 6 9
මහ උපාධි බම්බු අත දැරුවාට නම යටින් පට්ටම් එල්ලන් හිටියාට උප්පැන්නෙට බොදු උන් කීවාට දන්නවද උබත් හය හතර... අපේ බොදු මුතුන් මිත්තන් මේ හය හතර නොදත් උන් හැදිනුවේ මෝඩයන් මෙන්... හය හතර ලෙස නම් කලොත් චතුම්මහාරාජිකය,තාවතිංස ,යාමයත් තුසිත,නිම්මාණරතිය, පරණිම්මිත වසවර්ථියත් යන දිව ලෝක හය මෙන්ම තිරිසන්,ප්‍රේත,නිර,අසුර අපාය සතරද වෙත්... නමට බොදුනුවන් උන උන් අඩක්වත් ඇත මෙය නොදත් දිවා රෑ දහම් ඇසුනාට මූලිකම දේ නොදත් උන් පරයන්ට කත් අදින පරයන් මිසක නමට පමණක් බොදු කොටස තියාගෙන තොපි හට ඇතිද? ~නවියා~
ශශී❤️? 3 years ago 209 5 8
සැගවූ නුබේ සෙනෙහස හිත අග්ගිස්සේ දැනෙනවා හොදින් වැටෙනා විට හැමතිස්සේ නොසැලෙන ලෙසින් නුබ සිටියා පවුරක් සේ හැම විට ඇද හැලේ නුබෙ පෙම වැස්සක් සේ රෑ නිදි නැතිව හැලූ කදුලැලි අපමණය ලේ කිරි කර දුන්නේ අහිතක් නැතිවමය හැම රෑ නුබෙ ලගින් දැනුනේ උනුසුමය නුබ හැර දමා හෙට මම යන්නේ කොහොම සසරම නුබ මගේ මව් වෙන්නට පතමි මගෙ පණ වගේ නිති නුබ මම රැක ගනිමී නුබෙ ගුණ කදට උපමා මම නොම බදිමී දෝතින් බදා නුබේ දෙපතුල සිප ගනිමී ශශී
නදී ..✍???? 3 years ago 169 6 12
"අ"යන්නෙන් පටන් ගත් හෝඩි පොතේ මුල් අකුර.... ආදර අම්මා ලෙස ලියන්න ඉගැන්නූ මුල් ගුරුතුමිය.... තාත්තා සමගින් අපට ආදර දයාබර නෙතින් නිමක් නැති සෙනෙහසක් පැතිර වූ සෙනෙහෙවන්තිය...... තෙරක් නැති කතා කෝච්චි නිමක් නැති පුංචි රහස් සවන් යොමා හිත ඇතුලෙම රදවගත් සොදුරු හිතවතිය...... ජීවිත මාවතේ ඉදිරියටම යන්න නිර්ලෝබීව සවි දුන්න ඇගේ දුක හංගාගෙන අපේ සතුට ගැනම සිතූ පරිත්යාගවන්තිය... ආදර අම්මා.........❤️ නදී ..✍️
චතු ගුණසේකර ? 3 years ago 219 6 8
අහම්බෙන් මුණ ගැහුන ඔහු වත හාදකම් පෑදුනෙ හිත් යට සතියකට වතාවක් මුණ ගැහුන ඔහු මුව ප්‍රේමය දළු ලෑවෙ දින දින අපට කඩදහි ලියුම් හුවමාරුව දින දින ඔහු ගැන ඇරෙන්නට සිත නොගිය වෙනතක සිත් අහස මෙන් විශ්වාස ගොඩ නැගුවේ සිතට ප්‍රේමයට වහල් වුනු සිත කාමයට දොර ඇරුනෙ ඔහු වෙත... තත්පර පැය ගණන් ගෙවුනේ ඔහොම නොදැනිම දවස ගෙවුනෙ ඔහුගෙ සෙනෙහෙ යට පසු දින අමුතුවක් දැනුනෙ ගතට නොදැනිම ලෙයක් ඇග දැවටුනෙ ඔහුගෙම රහසක් නොකර ඔහු ට එය දැන්වූවා මග හැර යනු දැක ලොවක් කදුලු වැටුනා මව් පියන් අඩනු දැක හිත කඩන් වැටුනා ඈට අනුවප්රේමයට මුලා වි ඈ වැරැද්දක් කෙරුවා ලෝකයම අවලාද ඈ විදන් උන්නා ඔහු කල මුලාව කිසිවෙකුට නොපෙනෙද මන්දා දරු ගැබක් කුස දරන් අවලාද වින්ද සමාජ නීතියක සහනයක් ඇයට දිය යුතුය රන්දා.... (නිමිත්ත:ප්‍රේමයට මුලා වී හිත් යටින් මියැදෙන යුවතියක,කතා වෘන්තාන්තයෙ අවසානය) චතූ 2021/01/26
❤sami❤ 3 years ago 133 4 3
"දැනුම,වින්දනය සදහා අත්මෙවලමක් වුනු සමහර ඇයොන්ට එය තම ජිවිතය වුනු තම පෞද්ගලික ජිවිතය විදහා දක්වයි එහි නිරතුරු උපදෙසක් දෙන්නම් මා, එය ජිවිතයම නොකරගන්නා ලෙස මින් මතු"
නදී ..✍???? 3 years ago 161 5 10
කිරි දියරක් සේ නොගැලූ සෙනේ දිය දහඩිය කදුලැලි වී ගැලුවා ..... පැතුවත් ඔබහට නොහැකිවු සිහිනෙට මා යන මාවත එලිය කලා ..... වැටුනත් නැගිටා පෙරටම යන්නට ඒ හැම විටකම දිරි දුන්නා ...... තාත්තේ නුඹ මේ පිං මහිමෙන් නිදුක් බවින් නිති වැජඹේවා .... නදී..✍️
❤sami❤ 3 years ago 190 3 5
ආසයි ඔය ගැහෙන පපුවේ සුවද හොයන්නට ආසයි දිලිසෙන දෙනෙත් සමග දොඩමළු වන්නට ආසයි වල ගැහෙන කම්මුල් මත සිනිඳු හාදු තවරන්නට ගැහෙන පපුවේ ඇති සෙනෙහේ තාමත් නුඹගෙ පමණි .......
Dila ???? 3 years ago 195 7 12
"ඔයා ගිහින් එන්න මං ඉන්නම් ආදරෙන් එදා වගේම... කිසිදු අඩුවක් නොකරම.. පුලුවන් මට තනියම ආදරේ කරන්න... දවසක ඔයාගෙ මැණික ඔයාව දාලා ගියොත් යන්නම... මං ඉන්නවා හැමදාමත් මග බලාන හුන් තැනම... ඔයාගෙ ඔය සුවද පපුවටම තුරුළු කරගෙන... මේ වගේ දුකක් නොවී සතුටු කදුලින්ම පිළිගන්න...
Naween Perera 3 years ago 230 7 14
හිත හිත හැමදාම දුක් ගිනි ගොඩක නුබ ඒ හැම සිතුවිල්ලකම ඇතුලට රිංගන් කරන සෙල්ලම පීවිතෙ එක්ක ඇති වෙලාම යන්න හැදුවාම කොහෙන් හරි හේතුවක් තිබ්බා දරාගෙන ජීවත් වෙන්න මහ පවක් නොවුනා නම් ගිහින් මං මහ හුගක් කල් කොරෝනා උබවත් ඇවිත් වෙන උන් නොගෙන අතහැරල දැන්වත් අරන් පලයන් මාව ~නවියා~
...චූටි... 3 years ago 154 6 6
හුගක් කල් මං බලන් ඉන්නැති හුගක් දේවල් දරාගන්නැති දුකම විතරක් ඉතිරි වෙන්නැති ඉතින් හිතටත් ඇති හිතෙන්නැති නුඹෙ ලග මම දුක කියන්නැති බැරිම තැන ඉකි බිද හඩන්නැති ඒත් නොසැලී උන්නු නුඹ දැක මමත් මගෙ හිත හදාගන්නැති ප්‍රේමයත් හීනයක් වාගෙයි යලිත් කිසි දවසක දකින් නැති ඉතින් යන්නට දෙන්න අවසර වින්ද දුක් දැන් හොදටෝම ඇති නුඹට මා මතකයක් වේවා.. කිසිම දවසක හිත රිදෙන්නැති මටත් නුඹ මතකයක් වේවා.. සසරේ ආයෙත් මුණ ගැහෙන්නැති.!
...චූටි... 3 years ago 162 4 4
වැරැදි බව දැන දැනත් සිත නුඹට පෙම් කලා.. නුඹෙ හඩ අහන්නට සිත මෙමට බල කලා.. දකින්නට නුඹේ රුව නෙත් මඩළ ප්‍රිය කලා.. ඒත් නුඹ හැමදාම මගේ හිත පෑරුවා.. ?
Deesha(දීෂා)❤️ 3 years ago 241 6 10
වසන්තය දින බැඳුණු අතැඟිලි තවම වෙන් වී නැහැ අපේ දහස් වර හිනැහුණු දෙනෙත් නම් කඳුළකින් බොඳවේ දරාගන්නට නොහැක මට අද වේදනා ඉහිරේ රුධිර ගඟ මැද දිවිය අයදින සටන හෙට නිම වේ........ දෑත් අල්ලා තැබූ හාදුව නිදන් කර පපුවේ මා මියැදුනත් නුඹ රකීවී මා දුන්නු සෙනෙහේ පස්වසක් තුළ විඳපු ප්‍රේමය රැඳුණි හද පතුලේ මගෙ මැණික නුඹ දිවි ගෙවනු මැන සිනාසී පෙර සේ..........
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps