1,798 Total Nisadas Found





ArtCafee TM 3 years ago 141 4 5

Nisadas Image

~නදියක උපත වූ උල්පත~

නදිය ජීවිතය නම්
නදියට උපත දුන්නේ නුඹයි.....
නදියට කරදර භාදක මැඩගෙන යාමට පෙරමුණ ගත්තේ නුඹයි...
නදිය අවහිර කරන ගල්පර භාදක හමුවේ නොනැවතී යාමට සංකල්පය දුන්නේ නුඹයි....
නදියට අවැසි‍යන් ජීවිත් කරවීමට මට දුන් ජල ලේ බිඳුව නුඹයි...
නදියෙක පිරිසිදු බවට මුල් තැන වූ සුපිරිසිදු දිය බිඳුව නුඹයි.......
නදියට සැමහට පිහිටක් වීමට මුල්තැන වූ ගුරුතුමන් නුඹයි....
නදියක නොමිනිස් කම් දුරු කර වූ ආදරයේ උල්පතද නුඹයි...
නදියට, සමාජය නම් වූ මහ මුහුදට එක්වන තෙක් පසුපසින් රැඳී නදිය ශක්තිමත් කරේ නුඹයි....
නදියක ජීවිත ගමනේ අවසානය තෙක් පසු පස රැඳි සෙවනැල්ල නුඹයි...
නදියට පාර කැපුවෙ අම්මානම් මග පෙන්වූ පිය තුමන් නුඹයි....
සැඩ වන්නට හා ඉවසන්නට මට පුරුදු කෙරූ පිය තුමන් නුඹයි.......
මගෙ ජීවන නදියේ හැමදේටම..
මහ බලය වුණේ පිය තුමනි නුඹයි.........!
~තරිඳු මදුශංක~







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps