1,798 Total Nisadas Found





✍️කවිකාරි ✍️ 3 years ago 187 8 9

Nisadas Image

...ගැහැණිය...(ගැහැණියක් පිළිබද හැගීමක් නොමැති පිරිමින් සදහා කෙල්ලෙක් විසින් ලියන ලදි)

ගැහැනුකම දරන් ඉපදුන එක කෙල්ලෙක්ට මොන තරම් වේදනාවක්ද කියලා කොල්ලෙක් එක තප්පරේකවත් හිතුවද? අද සමාජේ(සිංහල සමාජේ)කෙල්ලෙක්ව දකින්නේ කොයි තරම් පහත් විදිහටද; බිළිදියක්,දැරියක් තරුණියක්,බිරිදක්,ගැහැණියක් මේ චරිත ඔක්කෝම රගදක්වන්නේ එකම එක මනුස්ස ප්‍රාණයක් කියලා කොල්ලෙක් හිතලා තියනවද. ඉපදිලා කන විදපු දවසේ ඉදලා කෙල්ලෙක් ජීවත් වෙන්නේ මොන තරම් දුකක් විදගෙනද ? මාසෙට දවස් 2-3ක් කෙලින් හිටන් ඉන්නවත් බැරි විදිහට විදින දුක කොල්ලො වෙච්ච උබලා විදිනවද බන් ? විලිරුදාව කොල්ලෙක් විදලා තියනවද? උබගේ අම්මා,අක්කා,නංගි,කෙල්ල මේ තරම් වේදනාවක් විදින්නේ උබලව සතුටු කරන්න බන්.ඒකි මාසෙට දවස ගානක් විදවන්නේ උබව තාත්තෙක් කරන්න.විලිරුදාව විදින්නේ උබගේ පරම්පරාව ඉස්සරහට ගෙනියන්න.උබලා මොන තරම් වාසනාවන්තද බන් එහෙම බලද්දී.ගෑනු අපි මොන පවක්ද මේ ගෙවන්නේ.
උබගේ අම්මට තරම් නැතත් ඒකිටත් ගරු කරපන්.එක වචනයක් ආදරෙන් කතා කරපන්.එකිට එක තප්පරේකට හයියක් වෙයන්.පුලුවන් හැමවෙලේම එකිට ආදරේ දීපන්.ගෑනු අපි හොයන්නේම එකයි.(යම් කතා පුවතක් ඇසුරෙන් ලියන ලදි)
...කවිකාරි...







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps