1,799 Total Nisadas Found





Deesha(දීෂා)❤️ 3 years ago 251 8 10

Nisadas Image

_______මියෙන මොහොතට අරුත දෙන්නට අම්මෙ නුඹ ඕනිම තමා?_________

ආත්මය දිනු යමක් වේ නම්
නුඹේ සුසුමින් මට එහා
කිසිත් නැත අද මගේ කියනට
හුස්ම හද පාරන තුරා
ළයේ ඇවිලෙන ගින්න පැතිරී
සිවිලිමේ ඇති කොටු පුරා
නුඹේ රූපෙම මැවී පෙනුනා
ළඟින් නැති කාලය පුරා...................

සුසුම් සයනයෙ අයා නෙතු දැල්
දරා නුඹ දෙස බල බලා
ඉකි බිඳිම් කාටත්ම රහසේ
පැලී පපුවම යන තුරා
ලැබූ දේ දිවියේ නුඹෙන් මට
මව්නි පෙමමයි සිත් පුරා
වටිනකම් මහමෙර උසයි දැන්
මගේ දිවියම හැඩ කලා.................

දරන්නට බැරි තැනම ළය ගිනි
උණු කඳුළු කැට ගල ගලා
උණුසුමේ මට ඉන්න අවසර
පතමි රැය මැදියම කපා
ඉවරයක් නැති රිදුම් මැද හද
පණ අදින හුස්මේ පවා
මියෙන මොහොතට අරුත දෙන්නට
අම්මෙ නුඹ ඕනිම තමා..................







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps