Dila ???? 3 years ago 177 6 6
ගිනි ගන්න තැන්වලදි පෙගෙනවා ඇතැම් ඇස් සුළි සුළං කඩා පැන ඉබාගාතේ හොයයි අත් වැහි බිරුම් අස්සකින් ගිලිහෙනවා මැරුණු පත් අන්තෙටම ළඟා වී පණ අදියි බිඳුණු හිත් !!
Dila ???? 3 years ago 158 4 6
රැයේ මල් පීදිලා අඳුරේ සුවඳ හලලා ඔහේ පරවේ ප්‍රේමයේ කවි කතා අතරේ නිහඬ සුසුමන් රැඳී දියවේ... තැනිතලා මුඬු බිමක අඳුරේ පහන් තරු එළියක් ද රැඳුනේ පියාගෙන ඇස් දෙකම සොඳුරේ හොයාපන් හදවතක රස්නේ...
Dila ???? 3 years ago 144 7 13
කලක් මගෙ වුණු ඔහුගෙ පපුතුර බදා නුඹ නිදනවා ඇතී මගේ හිස පිරි මැදපු අතැඟිළි නුඹේ කෙහෙරැළි මැද ඇතී මා නිවාලූ සොඳුරු සිනහව නුඹෙ නමින් පූදිනු ඇතී ඉතින් නුඹ ළඟ ඔහු තුටින් නම් නාඬා ඉන්නම් ඒ ඇතී ... දිවි කතර මැද පිපාසෙට දිය වී නිවාලනු මැන පෙමින් විඩාවෙයි ඔහු අත් හරින්නට නොදී ඉඳපන් සවි දෙමින් අඳුරු වන මැද රුදුය කටුකය ළඟම රැඳියන් නොසැලෙමින් දිවිය පවතින තුරාවට නුඹෙ දැවී නිවියන් ඒ නමින් ... සෙනෙහෙ දියරෙන් තෙමා හදමල පෙමින් නිති දෝවන්න නිබඳ සිනහව දරා මුව මත සිතට සැනසුම දෙන්න වෙළී සියොළඟ සීත හිමතර උණුහුමට ළඟ ඉන්න මට අහිමි මගෙ සරාසඳ ඔහු පණ සදිසි රැකගන්න ...
*$@n¢hi* 3 years ago 196 7 10
උඩු ගුවනින් නගන හෙන හඩ මහ පොළවට පතිතවන මහ ගිගුම් නද මැදි උවත් මහ වරුසා... සබද, හෙට දින මල් පිපෙයි නැවුම් එලියක් ලබා... ~sahini~
*$@n¢hi* 3 years ago 129 5 5
මග හැරුණු කවි කමට කවිකාර සිතුවමට පාට ගෑ සායමට නෙක් වර්ණ මුසු කරන... නිර්මල ගමනක ගමනාන්තයේ මග නොපෙනෙන පෙනෙන තැන නවතින නොනවතින ගමනාන්තයක... අතරමං වූ තොටුපලකි... ~sahini~
*$@n¢hi* 3 years ago 187 6 7
එක්වන සියල්ලෝම පෙම්වතුන් නොව... වෙන්වන සියල්ලෝම ප්‍රේමය හැරදාද නොයයි... විටෙක ආදරයේ වැඩි කමටද වෙන්වන්නෝ වෙති... නුඹ මා අහසට පොළව මෙනි අහස - පොළව කිසිදා එක් වන්නේ නැත... නමුදු විටෙක එක් වෙති ඇතමුන් ඊට ක්සිතිජය යැයි නම් තබති... ඉදින් මුලාවකි... අද ආලය අප මුලාකරන්නාක් මෙන්...❤ ~sahini~
නදී ..✍???? 3 years ago 163 5 4
මියුරු තත්සර ගීත රාගය වැයුවෙ මං නුබෙ පහස ලබමින්~ සප්ත ස්වරයේ පසන් ගී සර කැටිවුනා දුක සැපේ නාමයෙන්~ සිතක් දමනය කරනු කෙලෙසද සප්ත ස්වරයේ විශ්ම ගෙත්තමින්~ විඩාවට දිව ඔසුව ලැබුනේ මගේ හදරැදි වයලීනය නුබෙන්~~ නදී..✍️
නදී ..✍???? 3 years ago 153 4 7
පොතින් පතින් ලත් පාඩම් විභාගෙට....... ජීවත් වෙන්න හොද පාඩම් සමාජෙට..... උගෙන ගත්ත මුත් ඇතමෙක් දිවි පුරාවට.... කෙසේ නම් කිව හැකිද මිනිසගෙ උගත්කම....❓❓ දහසකින් අයෙක් ගුණ දම් සමගින් පතුරන මනුසත් බව වටට.... දහසක් දෙනා හංගා ගෙන අමනාපකම් යටි හිත පුරාවට...... තත්පරෙන් වෙනස් වන මේ අද වාගේ ලොවට...... ඇදුමින් පැලදුමින් කිව හැකිද යමෙකුගෙ උගත් කම......❓❓ * * * * (පසුගිය දිනක මා නෙත ගැටි එක් සිදුවීමක් ඇසුරින් මගේ සිතේ ඇතුවුනු පැනයක් මෙලෙස මම ලියා තබමි.) නදී ..✍️
නදී ..✍???? 3 years ago 323 3 8
හිතේ තියෙන දුක හංග ගෙන අනුන්ගෙ සතුට ගැන හිතන...... අනුන්ගෙ දුකත් තමන්ගෙම කරගෙන ඊට විසදුම් හොයන ..... තමන්ගෙම දෙයක් හරි කැපකරල අනුන්ගේ සිත් සනසන...... සමහර ජීවිත වල දුකේදිත් සැපේදිත් හුදෙකලාව රජයන..... නදී..✍️
නදී ..✍???? 3 years ago 170 5 10
මුල් බැසගත් දුකක් මගෙ හදවතේ ඇති ~~~~~ සිත් වේදනා කිසිත් නිමක් නැති~~~~~ සතුටක් කියා නාමයක් අහලකවත් නැති~~~~~ දෛවය මගේ මෙලෙසින් ලියවිලා ඇති~~~~~ නදී..✍️
*$@n¢hi* 3 years ago 151 6 8
අද, ඇය සිටියානම් නුඹ ලග... හුදු, මා මතකයක්ම පමණි නුඹට... නමුදු, වෙනසක් නොවේ... මන්ද, මා ඔබගේ මතක පොතේ පෙර වදන ලියා දැනිදු අවසන් බැවිනි... ~sahini~
ශශී❤️? 3 years ago 228 7 10
වහන් වී ආදරෙන් තනිකමට ඉඩ දී හඩපු කල් නෙත් යුගට කදුලු කැට එක් වී පහන් කලා සිත් මලුව ආදරෙන් ලන් වී ජීවයට සුවය දුනි බෝමලුව නුබ වී... ❤️❤️❤️❤️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps