Dila ???? 3 years ago 242 7 6
ඉතින් අවසර යන්න සමුගෙන හදේ දොරගුළු කඩා බිද ගෙන කදුළු තැවරුණු මතක හිත් පොත තුරුළු කරගෙන මියෙමි දිනයක.. මගේ මළගම කන වැකුණු විට කඩා බිදගෙන සොදුර එනවද මගේ තනියට සොහොන් කොත ළග ඔබේ කදුළක් තියා යනවද.. නිතර ඇස් යට රැදුණු ඔය රුව සසර මතුවට පතා එන්නද අපට වැරදුන ආදරේ මඟ සොයාගෙන අප නැවත ළං වෙමුද..
Dila ???? 3 years ago 250 3 8
අතීතයක මං නැවතිලා පැරණි මතකය සොයනවා සුසුම් වැල් වල දවටලා විටක මම නුඹ සිඹිනවා.. ගැහෙන පපුවක හංගලා හෙමින් නුඹ පිරිමදිනවා හීන වල නැවතුන ඔයා තාම ලේ වල දුවනවා.. රිදෙන තැන් වල බල බලා කදුළු පැල්ලම් පිහිනවා අපිට වැරදුන තැන සොයා බරට හුස්මක් තියනවා.. ගොඩක් රෑ සීතල වෙලා වළාකුළු සද නිවනවා රත්තරං මං නෙතු පියා නුඹේ රෑපය මවනවා.. සොදුර නුඹ කිව් කතා දෝංකාරය ඇහෙනවා යටි හිතින් නුඹ කැළතිලා එද්දී හදවත රිදෙනවා..
Rasika Maduwanthi 3 years ago 219 3 5
මන් ඔයාලාගෙන් ප්රශ්නයක් අහන්න ද.....? ඔයාලට හිතෙන විදියට ආදරෙ කියන්නෙ මොකක්ද ❣️ ✍️ මදු 2021.05.05
Rasika Maduwanthi 3 years ago 233 1 1
ගිනි ඇවිලෙන මගෙ හිතට ? ඔබ සීතල දිය පහරක් ⛲ ගින්නෙන් දැවෙන මගේ හිත... නිවාලන්න ට හැකි ඔබට පමනයි ඔබට ම පමණයි ❣️ ගින්නෙන් දැවෙනා මගේ හිත අදින් ඔබට බාර යි...... ඔබ තුරුලේ සැනසෙන්නට ?? මට දැන් අවැසියි .... ඉතිං අපි ආරම්භ කරමු ❣️ අපගේ ජීවිත කාලය සදාකාලික ව එකට ඉන්න ට... ? ✍️ මදු 2021.05.04
Supuni Nilukala? 3 years ago 196 2 1
නිමක් නැති සතුටක් දෝරෙ ගලන්නට මත්තෙන් කොරෝනා නුඹ ඇවිදින් හරස් කරමින් කළේ සැබෑ වෙන්න තිබු සිහිනයක්.... ????
Rasika Maduwanthi 3 years ago 246 2 2
පලයන් පලයන් කියලා ඔයා මාව කොච්චර එලෙව්වත් නෑ මන් යන් නෑ කියලා ඔයා එක්ක ම ඉන්නේ ඇයි දන්නවද...... මොකද ❣️ මම ඒ තරමට ඔයාට අාදරෙ යි❣️ හැමදාමත් ඔයා මොනා කිව්ව ත් ඔයා මොනා කරත් මගේ අාදරෙ වෙනස් කරන්න බෑ......... ✍️ මදු 2021.05.02 ප. ව 3.49
Rasika Maduwanthi 3 years ago 201 3 4
සමහරු.......... අද කෙනෙක් ට අාදරෙ කරනවා ❣️ හෙට තව කෙනෙක් ට අාදරෙ කරනවා ❣️ ඛවඩහරි එ අය අැත්තටම පන වගේ කෙනෙක් ට අාදරෙ කරාම... එයා තමන්ව දල ගියාම ? එදාට තේරෙයි ❣️අාදරෙ වේදනාව..... අනිත් අයට දුන්න ගින්දර ?.... තමන් අාදරෙ කරනවා නම්.. අැත්තටම අාදරෙ කරන්න ❣️ ඛවදාවත් කාටවත් බලාපොරොත්තු දීීලා හීන මාලිගා හදල ඒවා ඔයාම කඩල බිදල දාන්න එපා ??? අාදරෙ සෙල්ලමකට ගන්න එපා.... අාදරෙ ට අාදරෙ කරන්න....... ❣️ ✍️ මදු 2021.05.02 පෙ. ව 8.48
Rasika Maduwanthi 3 years ago 209 2 0
සමහරු ටයිම් පාස් එකට ලව් කරද්දී තවත් සමහරු අාදරෙ මුලු ජීවිතයම කරන් ඉන්නවා ❣️ ✍️ මදු 2021.05.02 පෙ. ව .8.30
Rasika Maduwanthi 3 years ago 221 1 0
මගේ මැනික මගේ ආදරේ තරම් ඔබට කියල දෙන්නට හැකිනම් අනේ මන් වාසනාවන්තයි ඒ අතින් ✍ මදූ 2021.05.01 ප.ව.09.41
Dila ???? 3 years ago 192 4 7
හුඟක් කවියන් ලියූ කවි ගී පපුවෙ ගැඹුරට එබි එබී කුමක් හෝ මතකයක් හොයනවා නොදී යන්නට මැකි මැකී පසුව දිනයක හමුවුනා ලොව කවක ගීයක මල් පිපී ඉතින් මතකය ලං වුනා මට එතන හිටියෙත් ඒ අපී එදා වාගෙම අදත් හෙටටත් කවියො කවි මත හැපි හැපී ලියයි පෑරුණු රිදුනු තැන්වල තිබුනු ලස්සන ඒ හැටී
Dila ???? 3 years ago 180 5 7
මහ රෑ ගැස්සී අවදිව ඉඟ වටා ගිය නුඹේ අත කොහිදැයි සොයමි.. ලෝකයම එක තැන නතර කල පපුතුරේ උණුහුම සොයමි.. බදාගෙන ආදරෙන් විසිරුණු ජීවිතය එක්තැන් කල හීනෙනුත් ළඟ හිඳින ආදරේ කොහි දැයි සොයමි..
Dila ???? 3 years ago 243 3 2
ග්රීෂ්ම සෘතුවක හමුවුනු ඇස් දෙකක් සීත සෘතුවට ඇද ගිය අත් දෙකක් ඇයි හමුවනේ කියන එක ප්රශ්නයක් බදාගත් පසු අතාරින්න නෑ හේතුවක් හමු වූ තැනයි දැන් ඉදින තැනයි මහ දුරයි පටන් ගත් තැන හොයායන එක කරදරයි එන්න එන්නම නුබේ රූපය අන් සතුයි මට නම් නුබ ගම්පෙරළිය වගේ ලස්සනයි දුරින් ඉදිනා නුබේ රූපය අන් සතු වුනත් සොඳුර නුඹගේ හීනී හදවත මා සතු කරන් ආදරෙ මොකටද හදවත රැක්කොත් ඇති ආදරෙන් නුබ මට හමුවුනු කාලෙකට පෙනෙනා හීනයක් වෙන්න ඕනේ ඔක්කොම වෙලත් නුබ තරම් දැනුනේ නෑ කව්රුවත් හිනා වුනාට මහා ගොඩක් උබටයි අයිති ඒ හිනාවේ කොනක්
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps