1,799 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 3 years ago 212 7 7

Nisadas Image

සිතුවිලි කවිකම්

හැම මොහොතකම,
මහ ගොඩක් ආදරෙයි ලු...
මම නැතිව නම්
ඉන්නෙ ම නැහැලු...

ලෝකෙටම රහසින්
අපේ වෙන්නත් බැරිලු...
දෑත් බැඳ ආදරෙන්
කැන්දන් යන්න ඕනිලු...

නොලැබෙන හීනයක
පැටලෙන්න හිත බයයිලු...
මම ආයෙමත්
ප්‍රේම කරන්නෙ නැහැලු...

වසන්තය මියැදුනාම
මල් පොකුරු මැරෙයිලු...
ආයෙමත් වස්සානයක
හැම මලක් ම පිපෙයිලු...

ලොවැ ඇත්තේ
යාම් ඊම් විතරලු...
හමුවුණු සියල්ලන්
ආයෙමත් වෙන් වේවිලු...

නුඹ වෙනුවෙන් ම
හෙලූ කදුළු පොකුරු...
වැස්සක් තරම් ම
මහ ගොඩක් බරයිලු...

හිමිවීම වාගෙම
වෙන්වීම හුරුයිලු...
ආයෙමත් අහිමි වුණත්
දැන් කදුළු පුරුදුයිලු...

දහසක් දෙනා ඇවිත්
වෙන් කරන්න හදයිලු...
වෙන කෙනෙක් ළග හිත
නතර වෙන්නෙම නැහැලු...

නුඹ හැරෙන්නට කෙනෙක්
මටත් ඕනිම නැහැලු...
නුඹෙ මතක එක්ක
මට තනිවෙන්න හැකියිලු ..

හෙටක් ගැන නොහිතාම
බලා ඉන්නම් මා මිතුරු...
ජීවිතේ කියන්නෙම
නොකී කවියක් අපූරු...

මම,
චතූ
14/05/2021

Chamaya karunanayake 3 years ago 110 6 2

Nisadas Image

අයිතියක් කියන්න බැරිව ආදරේ කරනවා කියන්නෙම මහ වේදනාවක් ?? මතක විතරක් එක්කාසු කරන් හූල්ල හූල්ල රෑ එල

අයිතියක් කියන්න බැරිව ආදරේ කරනවා කියන්නෙම මහ වේදනාවක් ??
මතක විතරක් එක්කාසු කරන් හූල්ල හූල්ල රෑ එලිවෙනකම් විදවන ??

හුස්ම උනත් කොහොම නවත්තන්නද?මම
අයිතියක් නැති ප්‍රේමයක් වෙනුවෙන් නොදැන නොවෙයිනේ....දැන දැනමයී
අපි ලංවුනේ මහ ගොඩාරියක්

අවසානයේ අහිමිවීම දැනගෙනම අපි
පෙම් කරත් මහ ගොඩක් ..
වෙන්වීම ගැන මතක් වෙද්දි හිතට ......
ඉන්නේ කොහොමද ?දුක් නොවී මන් ??

දෙදෙනෙක් අතර තුන්වෙනියෙක් උනම සතුටක් කොහෙන්ද ?...
හිතම පිරෙන්නෙ ලොකු දුකක් මිසක්?

ඔබ ඇයට වඩා මට ආදරෙයී කිව්ව ගමන් හිත පිරෙව්වට අහිංසක සතුටක්❤️? කොහොමවත් ඒ ඔක්කොම තාවකාලිකයි??❤️❤️


චමා?







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps