1,799 Total Nisadas Found





Withanage DCS 2 years ago 201 1 1

Nisadas Image

"රූබර ක්‍රයිසොතෙමිස්

"

දිනකර දිනෙහි සේවය නිම කරන වෙලේ
බටහිර දිග අඹර ගිණි ගෙන විලස දිලේ
රතදර වලා පෙති වැනි රතු රෝසමලේ
මනහර සිතුවමකි, අවරඹරෙ නිම කලේ.

අසිරිය සැඳෑ හිරු සොඳුරු
රත්පල
විඳපිය හැකි සැඳෑ නොව දවසෙ හැමකල
මිහිරිය දකිත හැකි මල් පඳුර මනකල
වැහැරිය නම "සැඳැ හිරු සීනුව" උදුල

සරන විට සෙවණ ඇති තම උයන් වල
දකින නිතර පඳුරකි, තඹ පැහැය කොළ
විඳින මිහිර තැවරූ නෙතඳුනක පල
සොඳින සොබා දම අගයමි සෑමකල
Common names "sunset bells" "Black Flamingo" "copper leaf"

"Chrysothemis Pulchella"
is the Botanical name Chrysothemis taken from Greek mythology, "godess for golden harvest.".ග්‍රීක ප්‍රබන්ධයේ එන "වගාවේ රන් අස්වැන්නට අධිපති" රූබර දෙවඟන වූ ක්‍රයිසොතෙමිස් ගෙ නම මේ මලට යොදා ඇත. Picture courtesy: internet

Withanage DCS 2 years ago 186 0 0

Nisadas Image

රතු වද

රතු වද

රුහිරු ලෙස තද
රතින් සැරසී වද
ගස් සිරස මත හිඳ
අසමි සියතුන් ගෙ
ගී මනනඳ

රටක් ගොඩ නගනා
දහදිය කඳුලු සලනා
ගොවි කම්කරු දනා
රතු දදය සේ සැලෙමි තුටිනා

රට බෙදුම වළකනයුරු
මැඬි සතුරු බල රණවිරු
හැලූ රුහිරු කඳ එ මහරු
මගෙපෙති හෙලා පුදදෙමි ගරු

නුරාගී රත් සලු දැක
සරාගී වන සලෙල එසැනෙක
බවුන් වැඩු තවත'යෙක
අනිසි බව ගැන සිතත් නෑ සැක

උණු දිය සමග හිඳ
මගෙ රත් පැහැය දී සොඳ
ගුණ කරමි බොන සඳ
බෝ ලෙඩ නසන මග වෙද

මගෙ රුවැ පැහැ අසා
නොගනු බිය මෙලෙසා
රුහිරු බොන රකුසා
මා හා මිතුරු නොනිසා

නගරයෙ මහමඟ ද
ගලන රථපේලි ජල කඳ
මග සලකුණු කුළුණෙ හිඳ
රතින් නවතින්න දෙන අණ සොඳ

රථයක පසු දෙසින
"වල්ග එළිය" සෙ දිදුලන
හදිසි නැවතූම දන් වන
රතු පැහැයෙ අගයමි ගුණ

කැන්ද න් ආ ලේලි ගැන
මධු සමයෙ දා චරිතෙ විමසන
පැල්ලමක් වී ධවල සළුවක
නිමල චරිතය නිබඳ සුරකින

පැහැය රත තිබුණත්
කලබල නොවෙමි නොතැනත්
ඉවසීම මයි යහපත්
සටන් වැද නෑ නොනිසි විටෙකත්

සෙව්වන්දියක සෙ නිබඳ
කටු පිරුණු අතු අග හිඳ
නොවන්නට වධ වෙමි වද
සපත්තූ මල මම්ම් නොවෙතිද.

Red Hibiscus = Shoe Flower

Oshi 3 years ago 212 4 0

Nisadas Image

එක මවකගේ නොවුන සහෝදර සහෝදරියන්ගේ බැදීම...|:•

ඉතින් මේ බැදීම හරි අපූරූ බැදීමක්..
සමහර වෙලාවට ලේ බැදීම් වලටත් වැඩිය ජීවිතේට ලං වෙච්චී..!:

මං හිතන්නේ රැල්ලට බෙස්ටයි බෙස්ටී වෙන එක නෙවෙයි යාලුකම කියන්නේ..:!

අනිත් යාලුවට කරදරයක් උන ගමන් එයාට උදව්වට එන්නේ මං නම් හිතන්නේ හොදම යාලුවා කියන ලේබලේ ගහගෙන ඉන්න පිස්සු හෝන්තුව තමයී..!:

ඉස්කෝලෙදී අනේ මට මේ පාඩම තේරෙන්නේ නෑ.. මං exam ෆේල් වෙයි කිවුව්වහම කර කර හිටපු වැඩෙත් දමලා ගහලා ඇවිල්ලා..පිස්සුද යකෝ අපි එකතුවෙලා මොකක් හරි කරමු..!:


මොකද්ද තේරෙන්නේ නැත්තේ වරෙන් මං කියලා දෙන්න කියලා ලගට අරන්.. මිස්ටත් වැඩිය හොදට පාඩම පැහැදිලා කරලා දීපූ පිස්සු මගුලක් හැමෝටම ඉන්නවා...!:

mood අවුලෙන් හිටියම මොන පිස්සුව නටලා හරි තමන්ගේ යාලුවව හිනස්සන මොංගල් චරිතයක් හැමෝට ඉන්නම ඕනේ...!:

කන්න බොන්න ගියාම අනේ මගේ අතේ සල්ලී නෑ කියලා කිවුවහම උඹේ සල්ලී අපිට මොකටද?? කියලා අහලා මෙන්න මෙහේ වරෙන් කියලා ඇදගෙන යන්න ජිවිතේට ඒ වගේ පිස්සියෙක් ගේ ආදරේ ඕනේමයී...!:


තමන් ගෙදරට වඩා යාලුවගේ ගෙදර ගිහින් පැල පදිංචි වෙච්ච ඒ ගෙදර තමන්ගේ වගේ හැසිරෙන මොංගල් ඩයල් එකක් හැමෝටම ඉන්න ඕනේමයී..!:

එදා මෙන් නොව අද දුරක උන්නත් හිත යටින් තාමත්







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps