1,798 Total Nisadas Found





Kasuni Tharushika 3 years ago 147 4 4

Nisadas Image

එහෙම ආදරයක්❤️

තනිවෙච්ච හැම හිතක්ම හොයනවා
තුරුල් වෙන්න උණුහුම් පපුවක්
ඇස්වලට කඳුළු පුරවගත්තම
අඬන්න එපා මැණික උඹ අඬනකොට මටනේ රිදෙන්නේ කියලා සනසවන හිතක්

හිත රිදුනම මොන වැරැද්ද කරත්
සමාව දීලා තුරුල් කරගන්න හදවතක්
ඒ උණුහුමේම ඇස් පියවෙනකොට
නළලට ඇස්වලට හාදු තියන ආදරණියෙක්

රිදුන හිත හදන්න වචනයක්
හරි කියන කෙනෙක්
යන්නම ගිහින් ආපහු ඇවිත්
තදින් බදාගෙන වැළඳගන්න කෙනෙක්
සනසවන්න බැරිම මොහොතකත් දුරින් ඉදන් නොරිද්දා ඉන්න පුළුවන් කෙනෙක්

ඇස්වලට කඳුළු පුරවගෙන
තමන්ගේ හිතවත් හදාගන්න
බැරි මෙහොතකත්
තව හිනාවක් වෙනුවෙන් කැපවෙන නොකිව්වට හැම හිතක්ම හොයනවා එහෙම ආදරයක්....❤️

❁k❁❁a❁❁s❁❁u❁

ශශී❤️? 3 years ago 236 4 6

Nisadas Image

නුදුටු ඇය වෙනුවෙන් උපන් ඔහුගේ අසම්මත පෙම

සද වන් පිරුනු නුබෙ සුන්දර සුදු මුහුන
හැබැහින් දකිනු රිසි මම තැවුනෙමි බෝම
නා දලු වගේ දිලිසෙන ඔය දෙතොලතර
දග කරලන්නේ කොහොමද මම මගෙ මැනික

අවසග නොවන සිතිවිලි මම හදින් බදා
ප්‍රේමය පතා ආවෙමි මම පෙමින් හඩා
අන්සතු නුබව හැර යන්නේ කෙලෙස මෙමා
පෙම් කල පවට මගෙ මැනිකේ දෙන්න සමා

ඔහු ලග නතර උනු ඔය හිත මා දුටු දා
සසැලුනු බව දනිමි වැඩියෙන් පෙමත් තියා
ඉකිලන හැගුම් සන්සුන් කර තැවෙමි මෙමා
එක බවයක් දෙනවද මට නුබව ලියා

ඔහු තුරුලේම නුබ සැනසෙන හැමදාම
ගිනි ගෙන දැවෙයි මගෙ හදවත හොදටෝම
ඇත්තද මැනික නුබ කිව්වේ රහසේම
වලලපු බවක් නුබෙ සෙනෙහස මා ගාව

සුසුමක සුවද කිසි දිනයක විද නැත්තේ
අවිහින්සකම රුව හැබැහින් දැක නැත්තේ
පෙම් කලේ නුබත් නොඅඩුව මට හැමතිස්සේ
මිහිදන් කරමු පිවිතුරු පෙම හිත අස්සේ

මෙතුවක් ආ දුරත් අප හට බර හින්දා
අන්සතු පෙමක් මා හට හිමි නැති හින්දා
මතු බවයේ දවසක මුන ගැසෙමු සිතා
නවතිමු මැනික අද මෙතනින් පෙම හන්ගා

ශශී



චතුරංගි හර්ශිකා 3 years ago 184 4 2

Nisadas Image

?⃟⌘࿔⃝❤️ *අපිම පිටපත ලියලා අපිම රගපාන මේ ජීවිත කතාවේ දවස් 365කුත් ගෙවිලා ගියා... ජීවිතේ එහෙමයි...

කාලය තටු අරන් ඉගිල්ලුණා...⟳ , මුලු ලෝකයටම සොබාදහම අලුත් පාඩමක් ඉගැන්නුවා*
༺═─⃝─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃝─═༻
~ඉතින් හැමෝම අද ඉදන් අලුත් අවුරුද්දට අලුත් බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන ඇති~?
╰☆☆ ☆☆╮
නිතින් පතනා සියළු පැතුමන්
ඉරක් සේ පායා නැගේවා...
හිතෙහි හිරවුණු සියළු ගින්දර
හිමක් සේ සිහිලැල් කෙරේවා...

නිදුක් වසරක සොඳුරු දිවියක
දනන් දහසක් සිත් නිවේවා...
සෙනෙහෙබර සුව පිරුණු වසරක්
ඔබට මට හෙට උරුම වේවා...!!!

_*❛↝ලැබුවා වූ නව වසර සැමට සතුට,සෞභාග්‍ය සපිරි සියලු පැතුම් ඉටු වෙන නීරෝගිමත් අලුත් අවුරුද්දක් වේවා!!!❜↜*_
✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾➣✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖ۬
✪ ☸???✝?☪✪
┏┓┏┓。・゚゚・。。゚
┃┗┛ appy
┃┏┓┃ ᑎEᗯ✿
┗┛┗┛ year*゚✾
。.。.。.。❤
...☬❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ ?
මම,
චතූ✍







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps