1,798 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 3 years ago 157 2 1

Nisadas Image

වනගත සෙනසුනක සුව

(වනගතව බවුන් වඩනා හිමිවරු)

සසර මග හරි රළුයි කටුකයි
හිත් තැවුල් නියතයි දුකයි
එතෙර වන්නට නොහැක අපි අපි
බැදුණු තැන්වල සැප හොයයි...

නිතර දකිනා හැම තැනම දුක
රුදුරු ගින්නෙන් යළි දැවෙයි
සසර හැර දා සැනසෙන්න තව
අපිට නිවනත් දුර වගෙයි...

සිවුර ඇගලා බුදු පුතෙක් වී
සසර කෙටි කරනා නියා
සිවුර යටිනුත් කාසි හංගන
නපුරු උන් දැන් බෝ වෙලා...

නමුත් නොදකින අදුරු තැන්වල
ගන වනන්තර තුළ පවා
බවුන් වඩනා බුදු පුතුන් වෙති
පුදුම සීලයකින් මෙදා...

ගැටෙන තැන්වල කොහොම සැනසුම
හොයන්නද හිත් චංචලයි
සිවුර පෙරවූ පමණටම නම්
සසර මග කෙටි වී නොයයි...

ඈත හිමයක තනිව වනයක
සොඳුරු බුදු පුතෙකුගෙ ළගයි
සැබෑ ධර්මය ජීවමානව
තිබුණෙ ඒ නොපෙනෙන ඉමයි...

- චතූ

චතුරංගි හර්ශිකා 3 years ago 179 1 2

Nisadas Image

සුන්දරත්වයක අරුමය

මිහිකත සොඳුරියට අබරණ
පැලැන්දවූ...
සුන්දර සොබාදම හැඩකර
කවි පබැඳූ...
මේ ගහකොල සොඳුරු මල් ගොමු
අතර තැබූ...
රළු හදවත් පවා උණුවෙයි
මිහිර ලැබූ...

හිමිදිරියක අරුණ රැස් කිරණක්
මැද්දේ...
මිහිලිය සිනාසෙන සුන්දර
ගම්මැද්දේ...
මම දුටු සුන්දරම දසුනයි
මගෙ දිවියේ...
කැකුලක් පිපී ඇත ලස්සන
හිමිදිරියේ...

හැන්දෑ අහස පරයන සුන්දර
පාට...
ඒ මල මුවග තිබුණා ඒ ලා
රෝස...
සුන්දර යුවතියක හිස ලූ බොර
පාට...
සුන්දර හිස් වැස්මක් රිසි
ඒ කවුද...

නිල් ගගනතට හිරු ඇවිදින්
හිනැහෙද්දී...
මම දුටු සුන්දරම ඒ මල
හිනැහෙද්දී...
කුසුමේ තනිය මකනට රහසින්
එද්දී...
නැවතුණු ලස්සනම බඹරෙක්
දැක ගතිමි...

මේ නම් සොබාදම් දෙවගන
ලොවට මැවූ...
තව සුන්දරම දසුනකි නෙත් සිත්
පිනවූ...
අඩු වැඩි වර්ණ නිසි ලෙස යහමින්
ගැළපූ...
මල මත බඹරින්දු සිතුවමකට
සුදුසූ...

- චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps