Vosandi Dissanayake 3 years ago 101 6 7
"පන්සලයි අප දෙදෙන ආදරෙන් ළං කළේ බෝ මළුව විතරමයි සැනසුමක් එක් කළේ ගමේ සිටි රතු නෙළුම නුඹයි මට පෙම් කළේ මා පියන් පැන ඇවිත් අප අපෙන් වෙන් කළේ ගෙවී ගිය කාලයේ බොහෝ දේ සිදු වුණා බෝ මළුවෙ සැමදාම මල් පහන් දැල්වුණා අතරමග හමුවුනත් සිනහවෙන් වෙන් වුණා හැමදාම හද කොනක නුඹ ඇවිත් මතු වුණා ආදරය සැපතක්ය සැම ඇවිත් කියූවත් ඒ මතය දුක් කදුළු සැම ඇත්තෙ සිතූවත් මව්පියන්ගේ බසට කීකරුව සිටීයත් නුඹට මම පෙම් කරමි අප අපේ නොවූවත්......"
ශශී❤️? 3 years ago 217 7 14
හිත හීනියට පහුරු ගාන රිදෙන රිද්දන මතක මැද්දේ දෝලනය වන අතීතය හීනයක්ම විතරක් වෙනවනම්... නෙත් වලට නොදැනීම උනුසුම් වන පුන්චිම පුන්චි කදුලු බින්දුවක රස නුබට කියාදෙන්න පුලුවන් වුනා නම්... ආදරේ කියන හිතට බර වැඩි අකුරු ඇතුලේ ජීවිතේ සින්නක්කරම ලියාගත්ත නුබට පණ ගැහෙන හදවත පුද නොකරානම්... පපුව පසාරු කරගෙන වැදුනු හී සර පහරට ලෙන්ගතුම හාදුවක් ගන්න මට හැකි උනා නම් කවදාවත්ම නොදැකපු උබට මහමෙරක් තරම් කියාගන්න බැරි ආදරෙන් ලන් නොවුනානම්... මේ වගේ සැරින් සැරේ හිත පාරන මතකයන් එක්ක අද උබත් මාත් දුක් නොවිදින්න ඉඩ තිබුනා නේද මැනික... ...ශශී...
Art Pablo 3 years ago 147 6 8
චන්ද්ර කාවිය වැලලුනු මද්දහනෙ තරු කැට රිදුමෙන් ලය උනුහුම් කර ගත් හිරු කිරන මිහිකත සිප ඉන් මත්ව විඩා සුසුම් හෙලන විට ඉන් මිදවු රුදුරු කුනාටුවට අසු උනි ද මිහිකත නොහැක දසත නෙත යොමන්න හිරු කිරන ගලා එන්ට දැස වට කර ඇත අඩුරු වල රුදුරු කුනාටුව නිම වු විට සුන් බුන් වු මිහිකත එලිය කර සිප ගන්ට අවසර දෙන්න මෙ වියපත් හිරු කිරනට
නදී ..✍???? 3 years ago 235 6 14
නොසිතූ දිනයක නොසිතූ මොහොතක නෙතු කදුලින් තෙමා ඇය නික්මුනා ආයෙත් නොඑන්නම ..... විදු මවම හඩවලා ශේත වර්ණෙන් සරසලා ..... අදින් වසරකට එහා.....පොත් ටිකත් පසෙකලා ..... ඇය නික්මුනා ආයෙත් නොඑන්නම ...... ගුරු මවකි හොදම යෙහෙළියකි ඇය සිත් සතන් සනසවාපූ..... දැනුම් කෙතකි මහා සිප්කිරෙන් අප තෙමාපූ .... ඇය තැබූ හිස්තැනට වසරක්ම ගතවෙලා... හීනෙකින් වත් ඇයට හැකිනම් යලිත් නොයන්නම එන්න..... ------------- දයාබර කුසුම් ගුරු මව්ගෙ ගුණ කන්ද ශිලා ලිපියක් ලෙසින් හද පත්ලේ තැන්පත් වෙලා..... පද පෙලක් මේ ලෙසින් කැටි වෙලා ලිය වුනා.... ???????? (2021.01.29ට යෙදුනු කුසුමලතා ගුරු මවගේ වර්ෂ පූර්ණය නිමිත්තෙන් ) ???????? නදී ..✍️
නදී ..✍???? 3 years ago 255 6 14
--------- කොළ පැහැයක් නොපෙනෙන මානයේ.... මහ කතරක විලාසය පෙනෙයි ඇස් ඉස්මත්තේ.... කර්කශ පොලෝ තලය මැද මිනිසා අයදියි මෙදානම්..... දෙන්න මහ වරුසාව?️ නිවාලන්නට ඉඩෝරය..... ------------ පලාවර්ණ තුරු ගොමු හැම මුලිනුපුටා... දිය උල්පතක් පාසා සැම සුන් කරලා.... තමන් නමට ලියවී ඇති දේ ලෙසටා... කටයුතු කරයි ඇතමෙක් අද ඊයේ උපන් ලෙසා.... කුරිරු මිනිස් ගතියට දඩුවම් දීලා.... අව් රශ්මියෙන් දවනව ගත සැප නොතකා.... සොබාදම නොඉවසයි තවත් මෙදා .... පාඩම් කියා දෙයි හොද නොහොද කාටත් අග මුල සිහිකරලා.... නදී..✍️
Nethmi amaya 3 years ago 143 5 5
හිතින් ගිය බව දැනත් අතින් තදකර රැකගත්තද ඔබ අතින් ගිලිහුණු වග දැනුණි. වෛර නොකරමි කිසිදු දිනක.. මෙය සොබාදහම යැයි සිතා සතුටු වෙමි. ඔබ යන්න ඔබේ මාවතේ ම බලා සිටින්නම් ඈත සිට.. ඔබට වටෙන්න නොදී... ඔබ ජයගන්නා තුරු... නමුත් , ඔබ ඔබේ ලොව ජයගත් විට මා ඔබෙන් බොහෝ දුරක සිටීවි.. මා ඔබෙ මතකයේ සිටියහොත් මා හට අමතන්න... කෙතරම් දුරක සිටියද මා එන්නම්... ඔබට සුභ පතන්න...?
Dila ???? 3 years ago 174 6 11
වැස්සක් උනත් එන්නෙම ඕනේම නැති මොහොතක නාඬා ඉදපන් හදවත ඔහු සුවෙන් උණුසුම්ම තුරුලක !!
Dila ???? 3 years ago 154 5 9
නුඹට නොපෙනෙන කඳුළු බිදුවත් පිට'ත්ලෙන් පොඩිකර දමා.. මහා වැස්සක් වී වැටෙන්නම් නොකී ප්රේමෙක දිය වෙලා..
Dila ???? 3 years ago 179 5 9
අහසට එපා වුන දාක ඉතින් නුඹ පැමිණෙන්න.. අහසට බර බොහෝ දේ පොළොව දරා ගත්තා හරි ආදරෙන්..
Dila ???? 3 years ago 171 5 11
පපුවෙ ගැඹුරුම තැනක වැලලූ දඩබ්බර සුසුමකි මිටින් හළ තෙතක් හිත නැති වේදනාවකි විඩාබර ඇස් කෙවෙණි තෙත් කළ අමතකව ගිය පෙම් සුසානෙක දිරාපත් වෙයි ගැහෙන හිත්මල දයාබර පෙම්බර මතක අද හුස්ම අයැදින පෙමකි ඔත්පළ...
Art Pablo 3 years ago 133 5 7
සද හැර ගිය රැයකි මෙය අදුරු වලා වෙලා ගත් අහස් කුස යට නිම්හිම් නැති ප්රීතියෙන් වැහි දියර දහරා සිප ගත් සිදී ගිය පොකුන හෙලනා ප්රීති සුසුමටයි අදුරු ගුවනෙ ලය උනු වී මිහිකත වැහිකට සිප ගත්තෙ උනුහුමට පෙම්බදිනා මිහිපිට ගලා ආ සීත දිය දහරා සිප ගත්තෙ උනුහුමෙ පහසින් ගිලි මිය යැමට අදිටන් කර ගනිමින නමුදු දිය පහරට අසුව මිහිකත නගනා මරනයෙ විලපෙට උනු උ අහස් කුස නැගුවෙ ගිගුරුම් හඩද???????
කෞශික නිමාදිත් 3 years ago 116 4 5
සතුටින් ඉන්න මිනිසුන්ව නෙවෙයි දුකින් ඉන්න මිනිස්සුන්ව "හිනස්සපන්" දානයක් උනත් වටේ ඉන්න උන්ට නෙවෙයි නැති බැරි එකෙක්ට දීපන්. "කොටින්ම" නැති එකෙක්ට නැති දෙයක් දෙන එක උබේ ආතල් එක කරගනින්. කවදමහරි උබට සතුටු වෙන්න එකම එක හේතුවක් හරි තියෙයි......❤️ කෞශික
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps