Nilanka Vinodani 3 years ago 128 6 5
ඉර හිතුවේ හැංගෙන්න කලුවරට ඉඩදෙන්න.. සඳ පැතුවේ ලං වෙන්න තරු අහසේ සරසන්න.. මං පැතුවෙ ලං වෙන්න ඔබේ සිතට සතුට දෙන්න.. ඔබ පැතුවෙ වෙන් වෙන්න මගෙ දෑස හඬවන්න...
Art Pablo 3 years ago 160 4 5
නොලද සිප් නැන දුන්නෙ ඇය නුබට ජීවය කෙතෙ තේ වත්තෙ දිව රෑ දෑතේ කරගැට සිම්බෙ පුතුගෙ මුහුන බලාගෙන වැටෙනා දහඩියට පවනකි නුබෙ සුරතල් සිනහව හෙලනා කදුලැලි පිට උනෙ දමනි ශිරා කිරි සයුරක් කරලමින රජෙක්ද නුබ කොලොම්පුරේ වෙසෙන නොහකිදො මට එහි පර වඩ කරන්නට දෑස් නොපෙනී ගිහින් මයෙ පුතෙ නොහැකිය වෙනද වගෙ පියාබල එන්නට
Naween Perera 3 years ago 208 7 13
විසිර ගිය සිතුවිලි ලෝකෙ එකට කැටිකර දුන්නු සුවද මල හදට මං ගෙනගිහින් හිනැහුන පෙත්ත මට දුන්න සුව වරුවකට හිරිවැටුන වතුර පොද තොල තෙමුව පිච්චුනා බඩ පපුව වෙනම ලෝකෙකට අරන් ගිය උබේ මතක දෙන වේදනාව අමතකම වෙලායන්නට සැර මදි උනාද මන්දා... ~නවියා~
Vosandi Dissanayake 3 years ago 191 5 5
සිහින සිතුවමක සිටිනා මල් මද බිසවක රූ සරිනා නෙක ඉගි බිගි හැඩ දමනා ලස්සන නෙතු මට පෙනුනා ලා හිරු කිරණින් ගත දොවලා හැඩ වැඩ දැමු ගවුමක් ඇදලා නිල් වරලස කරලට ගොතලා පළදියි නෙක පියුමන් පුබුදා මුතු ඇල්ලූ මිරිවැඩි පළදා රන් යානාවක ඇය නැගිලා අහස් කුසේ සුදු සේද අතුරලා යහන සදයි දරු කැල වෙතටා රන්දිය එකිනෙක එක් කරලා නිල් පාට බෙදයි මුළු අහස පුරා මුතු පබළුත් නෙක දෝත දරා දේදුන්නක් ඇය පාට කරා.
Vosandi Dissanayake 3 years ago 282 3 4
"සියුම් තැන් පෙනෙන මහා තැන් නොපෙනෙන මනරම් සිතුවම නුඹ ලස්සන ඇස් දෙක"
Vosandi Dissanayake 3 years ago 211 5 3
රස්සාව රත්තරං ජීවිතය ගෙටගහන අදත් හතරයි තිහට කුකුළාව අරගෙනම නැගිට්ටේ අළුයමේ... උයලා පිහලා කෑම බෙදලා ළමයින් පාසලට යවලා හනික දුවලා ලෑස්ති වෙලා හයයි තිහට යාන්තමින් බසයක එල්ලුනේ... කාර්,බයික්,බස්,ත්රීවිල් සිමෙන්තියෙන් අඹපු රූප වාගේමයි පාර මැද්දේ... හතයි තිහට විනාඩියයි... රතු ඉර මගෙ දෑස ළගයි... අද විතරක්නේ කියලා... හදාගනිං කෙල්ලේ හිත සුපුරුදු විලසින්...
Art Pablo 3 years ago 173 3 6
අදුරු අහස් කුස මැද තරු කැට යට නුබෙ දැසේ තුරුලු වෙන්නට සාවිය හැර ගිය චන්ද්රමන්ඩලය අමාවක අදුරෙ නොයනු මැන තාරකවියෙ
නදී ..✍???? 3 years ago 186 5 15
වෙල් යායේ එගොඩ ගොඩේ සපු ගස මුදුනේ කෝටු කෑලි පරඩැල් යහමින් ගොතමින්නේ පැතුමන් ගොන්නක් පොදිබැද සෙනෙහෙ කැදැල්ලේ රැක්කා නිල් මැනිකක් සේ පුංචි බිත්තරේ ලැබුනු මගේ උනුහුම යට වහන් වෙලා දුටුවා මම මගේ පැටිය මෙලොව බිහිවෙලා උතුරා යන මහගු සෙනේ දෝරෙ ගලාලා පියතුමා සමගින් මගේ තුටුකැන් ලියලලා මගේ පුතුනි නුඹ ඉපදුණු ඒ උදෑසනේ මමත් පියත් ගියා එදා කෑම සොයමිනේ රැක සිටි මහ නපුරු පූස දුටුව අප අනේ පැන්න ගමන් අල්ලගත්ත පියා පුතෙ නුබේ නෙතට ආපු කදුලු බිංදු හිතෙහි හිරකරන් රැක්කා මහමෙරක් උසට නුඹව පණ ලෙසින් මසක් පුරා කවා පොවා උස් මහත් කරන් පියඹවන්න සිතුවා නුඹ හෙට උදෑසනින් ආව අදත් කෑම සොයා හැමදාම වගේ දුටුවා පොඩි පණු පැටියෙක් තාර පාරෙදී නුබ කැමතිම ආහාරය එයම පමනකී මතක් වෙලා මට එතකොට සිනහ ඉනුවනේ ඒත් පුතුනි එන්නට බැහැ මට සමා වෙයන් හිතක් නොමැති වාහනයක් මාව යට කරන් මතක් වුනේ නුඹ පමනකි මාගෙ රත්තරන් අදින් පසුව බාරකරමි දෙවියන්හට මගේ රන් පුතුන් නදී ..✍️
Vosandi Dissanayake 3 years ago 147 5 5
සීත වැහි බිදු වැටෙන සමයේ සුසුම් පොද යයි පාව අහසේ මටම නොපෙනෙන රූපෙ නුඹගේ හදවතින් ඇද ගන්නේ කෙලෙසේ නොහිමි මගෙ නෙත යුග වෙතට ජීවය දෙන්නට පැමිණි ඒ මනරම් ළද කවද දැකුමට හැකිවෙද දැනුනි මට නුඹෙ හදවත නොපෙනුනත් මගෙ නෙත් යුග කවද හෝ මතු දිනයෙක දකිමි ලෝකය මේ මම දකින රූපය නුඹගෙ වේවා ඇසෙන කටහඩ ඔබගෙ වේවා පළමු පෙම මගෙ ඔබගෙ වේවා සදාකල් ඔබ මගෙම වේවා
Vosandi Dissanayake 3 years ago 214 3 3
සද කිරණ යට පිපුණු සේපාලිකා මල් පොකුර රෑ අහසේ කෙළවරට සුවද පතුරයි දසත ගතට පොඩි රතු ගවුම ඇදගෙන හිසට සුදු තොප්පිය පැළදගෙන තාලයට පය තිය තියා නැලවෙන සේපාලිකා මල ඔබයි හිනැහෙන පාට යුවලක් එකට කැටිවුන මලක් වේ ඔබ සේපාලිකා සුවද විහිදන පාට විසිරෙන මගේ සිත ගත් බාලිකා
Vosandi Dissanayake 3 years ago 156 3 3
ජීවිතයයි ඔබ මගේ ජීවන ගමනේ රුකුලයි ඔබ , මුල් ගුරුතුමියයි ඔබ, දරා ගැනීමේ අවියයි ඔබ, සෙනෙහසේ නෞකාවයි ඔබ, සාගරය බදු දැනුම් උල්පතයි විටෙක දැඩි , විටෙක මෘදු ඔබ ප්රියජනකයි සංසාරයේ මගේ පැතුමයි ඔබ.
Vosandi Dissanayake 3 years ago 162 2 3
ආදරය කලාවකි අව්යාජයය හුදෙක්ම සොදුරු ජීවිතයෙහි නොනිමි නවාතැන්පලකි සොදුරු මනුෂ්යත්වයෙහි සංකේතයකි අදුර එළිය කරනා පහන් සිලකි නමුත් විටෙක කර්කෂ ජීවිතයෙහි සමාරම්භය වේ.
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps