1,799 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 3 years ago 256 9 10

Nisadas Image

ආදරණීය bestie,

මුණ ගැහෙන්න space නැති ජීවිතේ
busy දවස් මැදින්
සයිබර් අවකාශයේ
පුරුදු යාළුවෝ meet වුණා...

පණට පණ වගේ
ඉස්සර උන්නු ගොඩක් දෙනෙක්
last seen පවා හංගගෙන
රහසින්ම ගොළු වෙලා...

නයෙක් වගේ දිගට
contact list එකේ
උන්නු ගොඩක් අය
online හිටියත්
අපිට offline වෙලා...

අහම්බෙන් A/L Class එකේ
මුණගැහුණු යාළුවගේ
යාළුකම තවමත්
available වෙලා...

පුංචිම කාලෙම
එකට උන් බව කීවත්
අපිට අපිව තිබුණේ
අමතකම වෙලා...

අහම්බෙන් හමුවෙලා
පුංචි අවුරුදු දෙකකට
අපටත් රහසෙම
forever friendship එක
permanent වෙලා...

සයිබර් කොණක chat එකක
දවසකට දෙතුන් වරක්ම
හේතු හදාගෙන හරි
නුඹෙන් massage එකක් ආවා...

ආදරණීය bestie
නුඹ දුන්නු යාළුකම වෙනුවෙන්
ඕනිම මොහොතක
chathu ඉන්නවා
is typing... වෙලා...

-chathu

Deesha(දීෂා)❤️ 3 years ago 258 5 5

Nisadas Image

________නික්මීම_____

මහද පාරා ගලන කඳුලැල්
නිමක් නොවනා බැවි දනිම්....
සූර සූරා ගතෙහි ලේ බිඳු
ඉහිරිලා දැනුනත් රිදුම්........
පපුව ගැඹුරේ නිදන් කරමින්
නිතර ඇවිලෙන දුක් සුසුම්....
සයන මත දී දිවිය අයදින
රෝගීයෙකු හට ඇයි පැතුම්................

සිනහ රැව් දී සතුට ඉතිරූ
සුරවිමන තුළ ඇයි හැඬුම්.....
මව්නි නුඹ ලය ගින්දරක් ඇත
දියණියගෙ නාමෙන් දනිම්......
තුරුළු වී පිය සෙනෙහසට මා
විඳපු ප්‍රේමය ඉස්තරම්.....
නමුත් මට නැහැ කිසිඳු දිනකදි
ඉන්න යළි එලෙසට වරම්..................

මලක් වුවහොත් සැනින් ජීවය
නතර වන බව මම දනිම්....
ලපටි පෙති වුව අකාලයකදි
ගිලිහිලා යයි හැර කුසුම්......
ජීවිතය අරුමයක් නම් නොව
නතර ⁣වෙනවා නිසැකයෙන්.....
නොබෝ දිනකින් දිවිය හැර යා
හැකියි මට දැන් හිත හදන්..................

Vosandi Dissanayake 3 years ago 242 2 2

Nisadas Image

හරිත හැගුමන්

නිසග පවනේ හෙලන දහදිය පෙනේ මිණි මුතු පොදක් විලසින්
ගතෙහි දැවටුන නේක කොළ අතු ඔබට ගෙනදෙයි සිනාවක් පොඩි
නේක ලියකම් දමාගෙන ඔබ සදාගත් මේ සිරිය මනරම්
එදා වාගෙම අදත් පිපුණා ඔබේ මිදුලෙත් අරලියා මල්

ගෙදර වත්තේ තිබෙන බංකුව එදාවාගෙම අදත් එහි ඇත
නෑර ලොලයන් වඩවඩා එන රංචු ගිරවුන් ගස්පුරා ඇත
ගෙදර තිබෙනා එකම පුටුවට පොර බදින පොඩි පැටව් එහි ඇත
ඇන්ද සරමත් වටින ගමනට ගෙදර පිලිකන්නට දමා ඇත

වත්ත පිටියේ තිබෙයි තවමත් මැකෙන පා සටහන් ඔබේ
එහිම තිබෙනා පුංචි මඩුවත් සිඹියි පා සටහන් ඔබේ
ඇවිදින්න බැරි නේක රූ ඇති සද්දන්ත පණ ටික ඔබේ
බලා ඉන්නවා නේක විලසින් රුව දකින්නට ඔබේ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps