1,798 Total Nisadas Found





කෞශික නිමාදිත් 3 years ago 141 5 5

Nisadas Image

අසම්මතය ??

අයිතියක් කියන්න බැරිව ආදරේ කරනවා
කියන්නෙම මහ ගිණ්නක්.
මතක විතරක් එක්කාසු කරන් හූල්ල හූල්ල
රෑ එලිවෙනකම් විදවන.

හූස්ම උනත් කොහොම නවත්තන්නද? මම
අයිතියක් නැති ප්‍රේමයක් වෙනුවෙන්.
නොදැන නෙවෙයීනේ.. දැන දැනමයී
අපි ලංවුනේ මහ ගොඩාරියක්.
අවසානෙයේ අහිමිවීම දැනගෙනම අපි
පෙම් කරත් මහ ගොඩක්.
වෙන්වීම ගැන මතක් වෙද්දි හිතට..
ඉන්නේ කොහොමද? දුක් නොවී මන්.

දෙදෙනෙක් අතර තුන්වෙනියෙක් උනාම
සතුටක් කොහෙන්ද?.
හිතම පිරෙන්න මූසල දුක මිසක්.

උබ ඌට වඩා මට ආදරේයී කිව්ව ගමන්
හිත පිරෙව්වට අහිංසක සතුටක්.
කොහොමටත් ඒ ඔක්කොම තාවකාලිකයී
කියලා මතක් වෙද්දි නම්.
ඊට වඩා උසට පිරවුනා හිත ඇතුලෙන්
තනි හිතකට හුලන්න බැරි වේදනාවක්.

කොහොමටත් අපි අපිට මහ ගොඩරියක්
දුරයී ලං වෙන්න බැරි ගානටම.
ඇත්ත ඒකයී උබයි මමයී දෙන්නම දන්න
පිලිගන්න අකමැතිම.

තවත් නම් බෑ කොහොමටත් දුර ගෙනියන්න
තප්පරෙන් තප්පරේ වෙන්නෙම.
තවත් තප්පරේකට හනි හනික මතක
එකතු කරන එක විතරමයී.

ඉතිම් අපි නවතිමු.
අසම්මතේ බැදි පෙම් පලහිලව්වෙන්.
හොදටෝම ඇති මේ මතක තවත් කාලෙකට
තනියම හිත හිත විදවන්න මට.

කෞශික____?

Dila ???? 3 years ago 170 7 12

Nisadas Image

28.

තනි වෙන්නෙ නැතුව
තනි වීම ගැන
කවදාවත්ම වචන හසුරවන්න එපා
උඹ අසාර්ථකයි !!

මොකද,
තනිවීම ගැන හොඳාකාරවම දන්නෙ
තනිවෙච්ච උන්..
ඊටත්,
තනි වීම ඇතුළෙ තනි වෙච්ච උන්
තනි වෙනවා කියන්නෙ
හුදෙකලා වෙන එක නෙමෙයි..

දාහක් මිනිස් හිත් අස්සෙ
ලක්ෂ ගානක් කටහඬවල් අස්සෙ
තමන් විතරක් ජීවත් වෙනවා කියන දේ
හදවතටම දැනෙන එක..
කවුරු සනසන්න හැදුවත්
සැනසෙන්න හිත සූදානම් නැති එක..

කරන කරන හැම වැඩක්ම
අසාර්ථක වෙවී..
කඳුළින් සේරම ඉවර වෙන එක
හූල්ලන හෝරාවල් දවසෙන්
වැඩි හරියක් හොරකම් කරන එක.
කිසිම දේකට ඇල්මක් නැති වෙන එක..
කලුවරට ආස කරන එක..
සිංදු අහන්න ලියන්න කියවන්න
හුරු වෙන එක..
තව හුඟක් දේවල් තමන්ගෙ
දරා ගැනීම අනුව
වෙනස් වෙන එක..

ඉතිං,
තනි නොවී තනි වීම ගැන සාරාංශ කරන්න යන්න එපා !!







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps