????️ නවෝද්‍යා දිසානායක ????️ 2 years ago 212 2 1
සියල්ල වෙනස් වන, සියල්ල නැතිව යන ලෝකයක වෙනස් නොවෙයි සිතා ප්‍රේම කිරීමම නිවටකමක් නොවේද?
????️ නවෝද්‍යා දිසානායක ????️ 2 years ago 227 2 1
බැඳීම් වලින් බැට කෑ හිතකට හරි අපූරු බෙහෙතකි තනිකම.......????
????️ නවෝද්‍යා දිසානායක ????️ 2 years ago 136 2 1
නින්ද නැති දිගු රැයක නිමාවක් නැති මහා වැසි මැද කඳුලු ගැලුවේ ඇගේ දෙනෙතටම අහිමි ඔහු පෙම සිහිවි නිතරම......... ( නවෝ......)
Withanage DCS 2 years ago 201 2 1
මැණිකේ මගේ හිතේ මේ ආදරේ දැල්වෙනා මා කියන්නද කෙසේ මා සිත දුකින් වෙවුලනා මනලෝලි ඔබ නෙතේ නැහැ සුව විඳින වාසනා මුදු පවන වී මෙසේ එමි ඔබ ගතෙහි දැවටෙනා මගෙ මෙ පෙම් පතේ මුතු අකුරු වැල් වෙලා සුදු මුදු ඔබ දෙනෙතේ පහස විඳගනිමි ලං වෙලා රුව ඔබෙ මුහුණු පොතේ දැක එහි රැඳෙමි පැටලිලා සොඳුරු සුකොමල වතේ රස විඳ ඔන්ලයින් වෙලා රුවනාරි නුඹ ගමේ හැඩකාර ඉඟ සුඟක් ඇති මනහාරි මෙ බැල්මේ දුටු ගමන් ම සිත බැඳ ගති හැඩකාරි මෙ ඇල්මේ මෙතෙකයැයි කියා නිම නැති සුකුමාරි මෙ ඇම්මේ කියන්නට නිනව්වක් නැති.........? Photo: Thankful credit to it's original owners.
Withanage DCS 2 years ago 192 2 0
මැණිකේ මගේ හිතේ මේ ආදරේ දැල්වෙනා මා කියන්නද කෙසේ මා සිත දුකින් වෙවුලනා මනලෝලි ඔබ නෙතේ නැහැ සුව විඳින වාසනා මුදු පවන වී මෙසේ එමි ඔබ ගතෙහි දැවටෙනා මගෙ මෙ පෙම් පතේ මුතු අකුරු වැල් වෙලා සුදු මුදු ඔබ දෙනෙතේ පහස විඳගනිමි ලං වෙලා රුව ඔබෙ මුහුණු පොතේ දැක එහි රැඳෙමි පැටලිලා සොඳුරු සුකුමාල වතේ නෙත පිනමි ඔන්ලයින් වෙලා රුවනාරි නුඹ මෙගමේ කෙල්ලකි හැඩකාර ගමනැ'ති මනහාරි නුඹෙ බැල්මේ දුටු ගමන් ම සිත බැඳ ගති හැඩකාරි මගෙ ඇල්මේ තරම කියලා නිම නැති සුකුමාරි මෙ ඇම්මේ කියන්නට මට දිරි නැති.........? Photo: Thankful credit to it's original owners.
නිරෝ.... 2 years ago 216 1 2
නුබේ රුව..❤️ හුස්ම වැටෙන හැම නිමේෂයකම නෙත් කදුලින් තෙමෙද්දී නුබව සිහියට නැගෙනවා උන්නා නම් නුබත් මගේ ලග යන්න දෙන්නේ නෑ මගෙන් ඈතට නමුදු සිතුවමක් වීය නුබේ රුව හදේ පතුලෙම සිත්තම් වුණු...❤️
Withanage DCS 2 years ago 211 2 1
කථා බැරි වුව මටත් ඇත මගෙ රට ගැන නොකියු ආදර සැනසිල්ල පතා ඉසුරු නොවෙ සිනාවෙ දවටලා ඔබට පිදුවෙ මේ මල් ගොල්ල නැතා සුද්දො දැන් ඒ කාලෙ වගෙ හොඳටම හිස් වෙලා ඇත මගෙ මල්ල කතා නැතූව මගෙ කඳුලුත් ඇරන් ගලනවා තවම රම්බොඩ ඇල්ල Photos credit to the orinal right holders
Withanage DCS 2 years ago 199 2 1
"කොරෝනා" ඇගෙ මායාකාර අපූරු නම "කිරුළ"දරන් එන රජ බිසවක් නොවී වුව. හිරු නොබසින අදිරජය සැබෑවට ගොඩනගන බලවු ඇගෙ ඔද තෙජ එළිසබෙත් පරදවන බලන හැම කවුළුවෙන් එබි එබී ගේ තුළට එන්නමයි තැත නිතී මිනීමරු දඟකාර සෙල්ලමක නිරතවී හඹා එන අංගූලිමාල සේ හී සරෙන් ලේ පෙරෙන ඇඟිලි දම උර දරන්. නේක වන් සළුපිළී විටින් විට ගත දරන් "ඩෙල්ටාව" බඳු රුදුරු වෙස් මවා සැඟව සිට කඩාපැන විසාලාවක් මැවු මිහි දෙරණ පුරාවට බිලිගත්ත ජීවිත මදිද තව? කොටින් ගැවසෙන මායිමේ ගමට ගහනා බය දැනී කැලේ සැඟවුනාසේ... අපි සැවොම ඈ එක්ක හැංගි මුත්තං කෙළින සෙල්ලමේ ලොව එළිය දැක ගන්න බල බලා කොහේ හෝ සිටින අඳ කෙනෙක් මගේ ඇස් අරගන්න.... මෙලෝ අවසන් දිනේ මගෙ උතුම් ඒ පැතුම.... පණ නිරුද මගේ කය වෙද සිසුන් හට පිදෙන.. ඒ පැතුම් හැම සුන් කරයි, දැන් ඉතින් හිතුවක්කාර පිස්සු දඟමල්ල ෂිං පිංගෙ දඟකාර පොඩි කෙල්ල නවතපිය දැන් ඉතින්. වී මෙල්ල තිගේ ඔය මිනීමරු දැඟලිල්ල.
චතුරංගි හර්ශිකා 2 years ago 272 2 4
හැකියි නම් ඇබින්දක් හදේ දොරටුව ඇරන්... ඇතුල්වී බලනු මැන කැපී සීරුනු තරම් නිමල යැයි පිවිතුරුයි කියා ලෝකෙන් පිදුම් නොලබනා අසම්මත අපේ ජීවිත ගෙතුම්... දහස් නෙත් නෙත ගැටෙන වීදියේ දහවලක දෑත් පටලා යන්න හැකි වුණේ කවදාද නුඹ නමින් සත්මාල ගෙලතුරේ බන්දන්න හීන දකිනා දෑස් නොහැඩුවේ කවදාද... අසම්මත ප්‍රේමයක් කියා හංවඩු ගසන හදවතේ සොඳුරු තැන් තවම හෙමිහිට සිඹින සුන්දරම පෙමක් යැයි දහස් කවි වල රැඳුන රාධා ට-ක්‍රිෂ්ණා ට කතා හැදුනද මෙහෙම... කාත් කවුරුත් නේන පාලු සීත රෑක මතක ගනදුරු වලා සිත තදින් වෙලන විට ඇගේ තුරුලේ නිදන මගේ වුණු නුඹේ හිත අහස් ගැබ සිසාරා ඉගිල ඒවිද මවෙත... මුදුවකින් සදහටම මා නුඹේ කරගන්න උරුම නැති බව දනිමි නුඹේ පතිනිය වෙන්න ලෝකයට හොර රහසෙ හාදු අතුරා යන්න හෙටත් අද වාගේම හවස ඇවිදින් යන්න... -චතූ✍️
*$@n¢hi* 2 years ago 212 4 3
එකම එක ආලෝකයකට හැකිනම් අදුරු තැන් එළිය කරන්න... බලාපොරොත්තු වුණේ මොනවද එළියම දී නිවී යනවා මිස...❤️ ~sahini~
අහිංසකාවි මධු 2 years ago 297 2 4
හිතට දැනෙන ආදරයක මෙලෙක වචන ටික ලගට ලංව කියා දෙන්න.. හදා ගන්න හිත නොකි කතාවක නැවතුම කොයි කොතැන වෙද කියා දෙන්න මට... නුබට ලෝබ වි මියදෙන්න දුකකුත් නැ මට... අඩන්න පණ වගෙ රකිමි වැටෙන කදුලු ටික... නින්ද පතුලේ ඔහොම ඉඩක් දුන්නෙ මට හිලව් වෙන්න ඉල්ලනවාද මගෙ හුස්ම ටික....
නදී ..✍???? 2 years ago 280 3 5
එරමිණියා කටු අත්තක පැටලිච්ච... හීනයක් තිබුනා හිත ළඟ නිති දැවටිච්ච... නා කපනා වැසි මැද ඉන් ගිලිහෙච්ච... මම අසරණයි හීනෙන් ඒ මියදිච්ච... පැතුමක් තියා දෙගුරුන් හිස මුදුනෙ මෙමා... පය තැබුවේ වෙන්නට වෙදදුරෙකු නොවී පමා... වීරිය යොදා යෙදුනත් පොතට නෙතග යොමා... බාධක නැගී හිත අඩපණයි බිදුවක් වත් නොකර කමා... උණු කදුළැලි රසයි හද තෙරපෙන දුකට වඩා... හසරැල් කියයි යන්නට මග ඇතිය එහා... අඩියක් පසුපසට ගත්තෙමි එබව සිතා... පාරමි පුරමි දැන් තව හීනයක් කරා... බැරකර ආත්මය ගිලනුන් වෙත රන්දා... දිවියම පුදන්නට එකගව දිවුරුම් යැද්දා... සිතුවිලි පුබුදිනා හවසක ඉඳ ඉතින් මෙමා... දැන් දෑගිලි ගනිමි යන්නට නයිටිංගේල් දියණියක් කරා... මම, නදී ..✍️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps