1,798 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 3 years ago 153 3 6

Nisadas Image

නුඹට රහසින් නුඹේ කුටිය අද්දර නැවතී සොරා ගනිමි මගෙන් උදුරා ගත් හදවත...

දෙසැම්බරයේ හමන සීතල සුළඟ
හිතට ගොඩ ගහගෙන ආ මතක කවිය
කදුළු පිරවූ පොතක ලියනු වස්
අදුරු මුල්ලක් සොයා යමි තනිව...

ග්‍රීස්මයට හිරු ගිනි ගන්න
දහවලට ගස් මල් පවා පිච්චී හඩන
දහවලේ ගිනියමට සුව සදන
සීතල අරන් ඇවිත් රෑ පුර හඳ...

ජීවිතේ නෙක පැතුම් අතරේ හොයන
මටත් අහිමි වූ පුදුමාකාර මම ගැන
මමත් නොදන්නා කවියක් ලියමි මම
මේ තමයි අවුරුද්දේ අවසාන මාසය...

අපි අපෙන් වෙන් වී ගියපු මග
අට මසක් පිරෙන හෙට දිනයට
හිතුමතේ කතා කරන මගෙ හිතට
මමත් කිව්වා හිටපන් ඔහොම ඉවසගෙන...

ජීවිතේ හරි පුදුම කතාවක එක පිටුවක
මටත් හිමි නොවූ කවක් ලිවුවා තනිව මම
අදහන්නට නොහැකි තරමටම මේ මටම
හැම පදයක්ම ලියා තිබුණේ මම ඇදට...

එළිසමය හෝ පද ගැළපීමක් නැතිව
අකුරෙන් අකුර මම වැරදියට ලිව්ව
මගේ නෑඹුල් ප්‍රථම පුදුම කවිය
හරි ගැඹුරට හිතේ නම් ලියැවිලා තවම...

දුන්නු ගින්දරට පිච්චිලා ගියපු හිත යට
අළු අතර හිනාවෙන සුදු පාට පිටු කෑලිවල
අරුම ප්‍රේමයක් ලියැවී තිබුණු බව දන්නවද
ඒ සෙල්ලක්කාර ආදරේට තවම ආදරෙයි මම...

හීන විසිරුවා දමන සිතුවිලි සුළගත් එක්ක
හැකි නම් මටත් පාවී දුරක් එන්න
නුඹට රහසින් නුඹේ කුටිය අද්දර
නැවතී සොරා ගනිමි මගෙන් උදුරා ගත් හදවත...

මම,
චතූ

චතුරංගි හර්ශිකා 3 years ago 144 4 4

Nisadas Image

නොකියා ආවෙමි

දනින් වැටී ගණ දෙවියන්
අභියස...
මම කියන්නට ගියා ඔබ යළිත්
නේන බව...
පැතුම් ගොන්නක් පතාගෙන වැසූ
දෙනයන...
අගින් වැටුණා කදුලක් මටත්
නොදැනිම...

පතිනි දෙවොලක හඩා වැලපී
කුමට...
කෝවලන් කන්නගිය හැර දමා ගියා
නොවෙද...
දේව පුරාණයක් නොවෙයි අපි ලියූ
කතාව...
නේන නුඹ ගැන දෙවි දේවතාවුන්
කුමක් කරන්නද...

කෝවිලේ නිරන්තර නෙත ගැටී
හමුවුණ...
ගණ දෙවියන් මිතුරු සිනහවකින්
හිදී තව...
කියන්නට හිතයි නුඹ ගැන මුළු
කතාවම...
අයිතියක් නෑ නුඹට මෙහෙම
ඈතකට යන්න...

මෙලෙස හඩා වැලපී දෙවියන්
අභියස...
නුඹ ම ඉල්ලා කුමකටදැයි හිතෙයි
මට...
පෙම් කළ කාලි අම්මාත්
අතහැර...
ස්කන්ධ දෙවියෝත් වෙනතක
බැඳුනා නොවෙද...

කෝවිලේ මිහිරි සීනු නද මැදින්
එන...
නේක සුවදින් හිත ඇදෙයි මතක
විනිවිද...
දෙවියන්ට නුඹ ගැන කියන්නට සිතා ආවමුත් මෙහෙට...
කිසිවක් ම නොකියා නැවත ආපසු හැරුණෙමි මම...

මම,
චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps