1,798 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 3 years ago 160 4 5

Nisadas Image

හිස් බවක් විතරක් මේ දැනුත් හරි බරට තියෙනවා හිත පුරාවට...

කවිකාර හිත පුරාවට
කවියක් වුණේ නුඹයි හැමවිට...
නුඹ නොමැති හැම මොහොතෙම
දුක ලිව්වෙ කිව්වෙ මම කවියට...

කාලය ගෙවිල යනකොට
හිත නුඹ ගැනම හිතුවට...
මැරුණු මතක ගැන තවත්
කවිවලට කියන්නේ කුමටද...

මතක එක්කම හිත යට
මම තනියම හිතනකොට...
වෙනස් වෙන ලෝකය තුළ
නුඹේ වෙනස් වීමත් අරුමයක් නොවෙයි දැන් මට...

අහිමිවීම පුරුදු නැති හිතකට
එක පාර ගින්දරක් දුන්නම...
පිච්චිලා ගියාට හදවත
දැන් හුරුයි හිත හැම දේටම...

පොඩි දරුවෙක් වගේ මම
ආයෙමත් අඩන්නෙ නැහැ ඉතින් තව...
ලෝකෙ හැම දෙයක්ම
වෙනස් වෙන එකයි ධර්මතාව...

කවියක් ලියන්න හිතුවට
ලියන්න දෙයක් හිතෙන්නෙ නෑ මට...
හිස් බවක් විතරක් මේ දැනුත්
හරි බරට තියෙනවා හිත පුරාවට...

මම,
චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps