Ahinsa Dulanjali 2 years ago 174 0 0
රගන්නියකි මා සහෘද හද තුළ ලැගුම් ගත් රසවින්දනය පමණක්ම ඔවුන්ට ලබා දුන් ජනප්රිය තරුවකි ජනයාගේ ප්රිය අහසේ රැදුනු රාත්රිය වුවද දහවල වුවද කම් නැත මට උපයමි මා ජනයාගේ හද විල නොසිතූ එක් නිමේෂයකි කෙදිනකවත් නොසිතූ ලෙස අහසින් වැටුණු තරුවක් මෙන් මා කඩා වැටුණි අද පොළොව තුළ වැටුනත් තරු කැටය නරයන්ට හසු නොවන්න කාම ලොව තුළ දැවෙන නොදනිමි මා සමාජ ජාල තුළ නොසන්සුන් පුවතට මටත් අදහා ගන්නට නොහැකී වු එදා මට ආදරය කල රසිකයන් අද කට කොනින් සීනාසෙමින් හිද මා නිරුවත ගැන මට වඩා හොදට කතාවෙනු ඇසුණි මට මා නොවෙමි කියා කැගැසුවත් මගේ නොවු නිරුවත මගේ කියා කෑගසයී ....ඔබ ගායිකාවක් පමණක් වු මට ගණිකාවක් ලෙස අද දුන්නා මගේ රසිකයෝ සම්මාන පිට සම්මාන ....... අහිංසා .
Premudi Chanchala 2 years ago 200 0 0
මම ඔබට ආදරේ රත්තරන් කියා ගන්න බැරි තරම් එත් අපේ ආදරේ අසම්මතයි හිතේ තියනවා ඔයාගේ ලගට ඇවිත් ලං වෙන්න එත් නොලැබෙනව කියලා දැන දැන කොහොමද රත්තරන් මන් ඔයාට ලං වෙන්නේ මට පුළුවන් ඔයා ගේ මතක එක්ක තනි වෙන්න එත් මට බැ නොලැබෙන දෙයකට ලං වෙන්න මට බැ පිච්චෙන්න ????????
Premudi Chanchala 2 years ago 242 0 0
මන්දාරම් වැහි පොද වැටෙන සීතලේ නිල් සයුර සේ ඔබ අවා ඔබෙන් ලද උණුසුමට මගේ හදවත ගිනි ගත්තා දෑස පියාගෙන ඔබේ ආදරේ මා වින්දා මල් පෙත්තක් වගේ සිනිදු මොළ කැටි ඔබේ දෙතොල් මාව සිප ගත්තා ඔබ මට අහසක් සේ දැනුනා ඔබ මාව පළමු හාදුවෙන් අනන්තයකට රැගෙන ගියා පියෙවි ලොවට එන්න පාර අමතක උනා ඔබේ ලෝකේ ඔබත් සමග මා තනි උනා හිරි පොද වැටෙන සිතල අස්සේ ඔබ තවත් ලං උනා සිතට දැනෙන මහමෙරක් තරම් සිතුවිලි කියාගන්න දෙතොල් වලට බැරි උනා එදා රෑ සද මගේ ළග නතර උනා කියා ගන්න බැරි තරම් සෙනිහසක් දැනුනා මේ ඇත්තමයි සත්තමයි රත්තරන් ඔබනම් මට සද කුමරියක් සේ පෙනුනා
Premudi Chanchala 2 years ago 181 0 0
ඔබේ රුව මාව වසග කරා ඔබේ නෙත් මාව අන්ද කරා ඔබේ පහස මාව මත් කරා ඔබේ සිත මාව වෙනස් කරා ඔබේ ආදරේ මාව උමතු කරා කාලයාගේ ඉගිල්ලිමෙන් ඔබ වෙනස් උනා ඔබ මාව මග ඇරියා ඔබ මාව රිදෙව්වා ඔබ කොහොදෝ දුර ගියා ඔබ ගියපු දුර මට එන්න බැරි උනා ඔබ වෙනස් උනා මං තනි උනා ????
Premudi Chanchala 2 years ago 228 1 0
Premudi Chanchala 2 years ago 199 0 0
පාලු මකන්න හැම රෑකම ඔබ එන්න. මගේ ළග තනියට නවතින්න. ළග ඉන්න දැවැටෙන්න මුමුනන්න මට ආදරේ. සදපානක් සේ ඔබ එන්න. ❤
Premudi Chanchala 2 years ago 235 1 0
මහා මුහුදක් සේ කෙළවරක් හොයා ගන්න බැරි තරම් ඔබ ගතින් දුරයිලු නාස් පුඩු වලින් පිටවෙන හුස්මක් තරම් සිතින්නම් ඔබ ලගයිලු කවදාදෝ ඔබ යලි එන්නේ බලන් හිටපු වාර අනන්තයිලු ඔබ යන්න කලින් දෙකපුල් තෙමා දුන් හාදුව තාම මතකයි ලූ ඔබේ මතකයි මගේ හිතයි හැම රෑකම මුමුනනවලු ඔබේ මතක එක්ක තවත් මට තනි වෙන්න හැකිලු හදවත ගොළු වෙලාලු නෙත් බොද වෙලාලු බොද වෙන කදුළු කැට දිගේ සේනිහස බිමටම වැටුනලූ මම විතරක් සයනේ තනි වෙලාලු නොයෙන නුබ වෙනුවෙන් මහා මුහුදක් සේ කදුළු සලන්නම්ලු අනේ රත්තරන් ඒක පාරක් ඇවිත් යන්න අලුත් හුස්මක් මට දීලා යන්න
Premudi Chanchala 2 years ago 187 1 0
දුර ඉදන් ඔබ අවාලු මගේ හිතට දුර ඉදන් ඔබ හෙව්වලු මගේ මතක දුරකට යන්නම බැලු මා හැරදා දුර යන්න යන්න මා තවත් ඔබට ලං උනාලු කියූ දහසක් බොරු වැල් ගොතා මා රැවටුවලු අවසානයේ නොකියම නුබ හදේ දොරගුළු කඩා බිදගෙන දුරකට උනාලු මට පුරුදු තනි කමින් මා යලි තනි උනාලු
*$@n¢hi* 2 years ago 226 4 2
අදත් සොදුරු දවසක් බටහිර අහසත් රත් පැහැ වුණු මගෙ හදත් බර විඩාවක් නුඹත් නැති සැදෑවක් හිරුත් බැස යන ගිනි ගත් අහසක් මමත් දුටුවා තනි විහගකුත් කුරුලු රංචුවක් මග හැරුණු සෑදෑවත් හරි සුන්දරයි නුඹ වගේ හරි හැගුම්බරයි විටින් විට වෙනස් වී යන අරුමයයි මට නම් එය උරුම සිතුවමයි❤ ~sahini~
shashi 2 years ago 194 2 2
හද දිහා බලාගෙන කවි හුගක් මුමුනන්න අමාවක මහ රෑක තරු පොකුරු ඇහිදින්න මනමාල රෑ අහස ගගනතේ පාවෙන්න කවදාද නුබ එන්නෙ අත් බැදන් දුර යන්න සේපාලිකා සුවද වැලි පොලොවෙ ඇවිදින්න ඉනි වැටට බර වෙලා නෙත් කැලුම් විහිදන්න කදුලු පිරි දෙනයනට උරහිසේ සැතපෙන්න කවදාද නුබ එන්නෙ මගෙ හීන සනසන්න කවි ගීත පබැදුමට තනුව වී හිනැහෙන්න සැබෑවෙන් නොදුටු නුබෙ මුව මඩල සිපගන්න සිත පුරා ඉකි ගසන දුක් සුසුම් පිසලන්න කවදාද නුබ එන්නෙ ආදරෙයි පවසන්න... ශශී
Sadee ✍️ 2 years ago 228 2 2
රොබරෝසියා මල් ගහ යට මල් වැස්සක තෙමී ඉන්න... මන්දාරම් හිරි පොද මත මල් පාරෙ ඇවිද යන්න... නුබෙ අත අල්ලා ඇවිදිනකොට දැනෙනා උණුහුම මට කියන්න... හොර රහසේ නුබෙ තොල් මත පහස මෙ මට ලබා දෙන්න ... NS✍️
Sadee ✍️ 2 years ago 235 5 1
ඉඩෝරයට හුරු උනා නුඹ දුරක සිටින නිසා..... ඉවසීමට හුරු උනා නුඹ එනකන් සිටි නිසා..... ජීවිතයට හුරු උනා දුක් කදුලු ලැබූ නිසා ..... මගේ ජීවිතය ලස්සන බව තේරුනා ..... නුබේ ආදරේ මට ලැබුන නිසා.....❤ NS✍️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps