1,796 Total Nisadas Found





Deesha(දීෂා)❤️ 4 years ago 169 8 16

Nisadas Image

උන්ට නම් නෑ වෙන වැඩක්෴

හාර හාරා වනේ කුණු රස
උරා බොන නිලමැසි කැලැක්
හිනාවෙනවලු සමනලුන් හට
සොයනවට මල් රොන් පොදක්
උන්ට නම් නෑ වෙන වැඩක්...

සූර සූරා ගතෙහි ලේ බිඳු
සොයාගෙන යන මදුරුවෙක්
හිනාවෙනවලු බඹර තුඩකට
පැණි සොයන එක මදිකමක්
උන්ට නම් නෑ වෙන වැඩක්...

පාර පාරා ඉඳුල් අතරෙහි
කුසය නිවනා පණු රැළක්
හිනාවෙනවලු ගැඩවිලෙක් හට
ඇයිද කන්නේ පස් ගොඩක්
උන්ට නම් නෑ වෙන වැඩක්...

පීර පීරා යනෙන හැම තැන
මිනී බුදිනා කැණහිලෙක්
හිනාවෙනවලු ඇත් රජෙක් හට
රසද ⁣ඔය හැටි තණ ගසක්
උන්ට නම් නෑ වෙන වැඩක්...

නාව නාවා පව්වලින් සිත
සුදු අඳින ලොකු පින්වතෙක්
හිනාවෙනවලු අසරණුන් හට
ගෙවනවට පෙර කළ පවක්
උන්ට නම් නෑ වෙන වැඩක්...

??????????







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps