චතුරංගි හර්ශිකා 4 years ago 93 3 1
දුකක් නෑ මරාපන්... රිදෙන් නෑ අඩවපන්... ගලින් නිමවා තියෙන... හදවතම කඩාපන්... - චතූ
චතුරංගි හර්ශිකා 4 years ago 107 2 0
මම සොයන උඹ නොඑන රළු හීන තනි රකින දෙනෙත් බොදවී රිදෙන මගෙ සිහින මල් උයන... - චතූ
චතුරංගි හර්ශිකා 4 years ago 104 3 2
දම්පාට දේදුන්න මල් සුවඳ ඉහිරෙන්න වැහි හුළං අරං ආ මතක පොදි බොදවෙන්න... වේදනාවක කටුක රළු ගැහැට හැරයන්න මටත් ආසයි සුළං නුඹ වගේ පාවෙන්න... - චතූ
චතුරංගි හර්ශිකා 4 years ago 147 1 0
එක් අරුම හෝරාවක සෞම්‍ය ජීවිත උයනට ඇද වැටුණි, අසෙනිය වැස්සක්... සත්සර මුසුව තෙළි තුඩගින් හද කැන්වසය පුරාවට, රැදුණි මල් ගොන්නක්... - චතූ
චතුරංගි හර්ශිකා 4 years ago 189 2 0
නිම් තෙරක් නැති අහස හිරු අරන් ආ දිනෙක... සද පහන් රැයක කළු ගන වලාකුළු කුමට... පණ තියෙන හිත් වලට මළ අහස් තරු කවට... රිදෙන හීතල මතක අරං පලයන් දුරට... - චතූ
ශශී❤️? 4 years ago 307 4 3
නෙතු දැහැන් බිදී සිත් අහස නිදී රුව දකිනු රිසී සිත සුසුම් නැගී සිහිනයක වෙලී දුර ඈත රැදී නුඹ ලගම සිටී ප්‍රේමයද මදී ශශී
චතුරංගි හර්ශිකා 4 years ago 159 5 4
ෆැන්ටසියක් ලු ඔබ මම දකිනා හීන කළු සුදු පාට විතරලු ඇත්තේ තවම හිත් වල අපි ම මැව්ව ලු නෙක නෙක පාට ඒ මැද හොයනවලු දැන් අපිවම අපිම - චතූ
චතුරංගි හර්ශිකා 4 years ago 142 4 5
ගිම් කල සදළුතල අතරින් බිදී එන... කවියක රාව උඩු ගුවනේ ගිගුම් දෙන... හිතවත් සුළං රැළි පමණක් තනි රකින... දවසක හවස්යම මම තවමත් හිදින... වියපත් නොවන කාලය කවදත් අරුම... නැවතත් නොඑන සේ යන්නට හේතු කිම... හදටත් හොරෙන් මං ලිව් පදවැල් අරුම... අහසට හොරෙන් සද මත ඇන්දේ කොහොම... - චතූ
චතුරංගි හර්ශිකා 4 years ago 134 4 3
කවිකාරියක නොවෙමි හිත් යාය මල් පිපුණු සිරකාරියක නොවෙමි ප්‍රේමයේ මුල් ඇදුණු මනමාලියක නොවෙමි බඹරුන්ට ඉගි දුන්නු තනි වෘක්ෂයක් ම වෙමි නැති ලතා මල් මඩුළු මම පතොක් මලක් වෙමි කතරක සිනා රැන්දු - චතූ
චතුරංගි හර්ශිකා 4 years ago 148 3 3
මිණිපුරට අවුරුදු ද නුඹට කොහොමද කියා... මම එන්න සිටි ගමන ඇයද එන්නේ කියා... අවුරුදු දිනට වත් මා මතක් වේ කියා... දැනගන්න බලා වුණි දෙවියන්ට දුක කියා... මගේ අංකය නුඹට අමතකව ඇත කියා... පිළිගන්න බැහැ කියන හිතට තරවටු කළා... ඒත් නුඹගෙන් ලැබෙන එක ඇමතුමක් පතා... මට හොරෙන් මගේ ඇස් දුරකථනයට ගියා... - චතූ
චතුරංගි හර්ශිකා 4 years ago 173 3 3
ඇහැළ මහ වැහි කලුව එලා තිරපට හවස ඉදහිටත් බිදෙන් බිද කදුළු වැහි බිඳු හලන... මලානික අහස යට හීතලම හුළං පොද බලා අවසන් මතක නිමා නොකරනු කිමද... බක් මහට මෙහි ආව කොවුලෙක්ගෙ කෑ ගෑම නොනැවතී ඇසෙන්නේ හැර ගොසින් දෝ පියඹ... වැහි බරම අහස් ගැබ පාරනා මතක පොත කොවුල් වැලපුම අතර යළිත් හිත වෙලාගෙන... - චතූ
චතුරංගි හර්ශිකා 4 years ago 184 2 1
නිහඩ අහසේ චණ්ඩ වැහි වළාකුළු ඇවිත් මහ වැස්ස නිකිණි මහ දිය කරයි දෝ ඉතින්... අහිංසක හුළං රැල් හරි නපුරු වෙස් අරන් මගේ හිත එක්ක යළි සටනකට දෝ ඇවිත්... රෑ මැදියමේ සිටම ඉර ගගන නැගෙන තුරු එක සීරුවට වැස්ස මහ හඩින් මෙහි අරන්... පොහොය සදවත මුහුණ මත අදුරු පට තිරය එලූ වැහි කළු හොරෙන් අහස් ගඟ බදු අරන්... - චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps