චතුරංගි හර්ශිකා 4 years ago 158 3 2
කිතුනුවෝ හැම දෙයක්ම දෙවියන් වහන්සේට භාර කරනවා... බෞද්ධයෝ හැම දෙයක්ම දෛවයට භාර කරනවා... හැමෝටම හැම දේටම කියන්න මොකක් ම හරි තියෙනවා... හැමදාම හැමෝම අනුන් පිට වරද තියලා ජීවිතේ නමැති කෙම්බිම හොයාගෙන සැනසීමක් නොවිද වන්දනාවේ යනවා... - චතූ
චතුරංගි හර්ශිකා 4 years ago 161 3 0
ජීවිතයේ චාරිකාව මැද ගමනාන්තය සොයා යන ගමනේ නවාතැන් පොළවල් බොහෝ ය... හැගීම් නමැති විඩාව නිවාගන්නට ගොඩවදින මේ නවාතැන් අතර ඔබත් එක් නැවතුමක් වූවෙහි ය... - චතූ
චතුරංගි හර්ශිකා 4 years ago 166 2 2
කාලයේ මතක පොත මත ගැළපූ අකුරු වැල් අතර ඔබ නමින් ලියූ පද වැල් ද බොහෝ විය... නිසසල ම රාත්‍රියක සීතල ම හදවතක රිද්මයට ආරාධනා කළ සසල උණුසුම් මදනළයි නුඹ... නුඹ යළි නේන බවත් මතකයේ නිදන බවත් මම දන්නා නමුත් මග බලා ඉන්නෙමි අදත්... - චතූ
චතුරංගි හර්ශිකා 4 years ago 123 3 2
අමාවක රාත්‍රිය උදා විය වසන්තයක... නිරන්තර හද බිම මත උපන් මල් කැකුළු මියැදුණි අන්ධකාරයක... එදා අද වසත් කල බොද නොවන සේ ඇදුන බිතු සිතුවමකි නුඹ හද ගගන මත රැඳුණ... - චතූ
චතුරංගි හර්ශිකා 4 years ago 112 4 3
රළු පතන බිම් නිතර කටුක ලෙස මුරගාන රිදවනා මිතුරු හිත් හැකිය මට සනසන්න... නමුදු අවතැන් හිතට මල් හීන වැහි වහින ගුරුතුමනි නුඹ නමින් නොහැක නැවතී ඉන්න... නෙත් කෙවෙනි පුරාවට රැදුනේ ම මදහසයි නුඹ බෙදූ සිප් සතර අයිලයෙන් බෝ දුරයි... හීන තිබුණේ නිතර ජීවිතේ දකින්නයි දෛවයේ තීරණය මලක් වී මියෙන්නයි... නිමේෂය මතම යළි හීන පොදි ගොඩ ගසන දුයිෂෙන් නුඹේ දෑස් නොහැක මට හැරයන්න... මේ ප්‍රථම ප්‍රේමයයි නිහඩ හද සනසන්න හැකි නම් ඉතින් නැවත නගරයට විත් යන්න... - චතූ
චතුරංගි හර්ශිකා 4 years ago 113 2 0
2020 ජුලි මස 18 වැනි දා ගගනතේ කෙළවරට සද අරං අලවන්න කළු පාට සායමින් වළාකුළු පුරවන්න... හැන්දෑවෙ අහස ඉම තරු රටා පෙන්වන්න අහස් ගනදුර ගේන වැහි කළුව ගෙන එන්න... මද්දහනෙ ගිනියමට ගිනිගත්ත ගස් ගොන්න අළුත් වැස්සේ වතුර තුරුළුකර හිනැහෙන්න... පලා පැහැ තවරන්න සොබාදම සරසන්න මලානික දෙණිය ළග පොකුණ තව පුරවන්න... බලා අවසන් කරන පිපාසිත හීන පොදි තියා හදවත එන්න වසත් වැසි පිළිගන්න.. සදවතට තනි වෙන්න ගගනතේ ඉඩ දෙන්න දොඩමළු ගීත අරන් මහ පොළොව සනසන්න... - චතූ
චතුරංගි හර්ශිකා 4 years ago 127 3 2
නිසදැසත් හරියට කතාවක් හිත දිගහැරපු හිතුවිලි රටාවක්... මට නුඹත් ඒ වගේ ඉනාවක් හිත නිවන රම්‍ය භාවනාවක්... අපි අපෙන් ගිලිහුණා වතාවක් යළි නේන්නට නුඹ ගියාමත්... මගෙ හිතේ තනියට මෙදාටත් ළග නැවතුණා කවි කතාවක්... - චතූ
චතුරංගි හර්ශිකා 4 years ago 103 3 2
හීන පුරාවට මිනිස්සු ජීවිතේ අදිනව... පාට පුරෝගෙන හීනවල සතුට විතරක්ම හොයනව... අවාරෙට වැටුණු අඹ ගෙඩියකටත් ලේනෙක් හරි වගකියනව... කලු සුදු ලෝකෙ හිත් වල මවාගත්ත පාට මැදින් අපි අපිව ම හොයනව... - චතූ
චතුරංගි හර්ශිකා 4 years ago 96 1 0
2020 අගෝස්තු මස 03 වැනිදා නොනවතින වැහි කෝඩ වලාකුළු මත තියා සුළග නුඹ නේන්නට මගෙ හිතින් දුර ගියා... හැන්දෑවෙ කලුවරට සදවතට ගතු කියා අනෝරා වැහි යළිත් වැටෙයි මිහිකත බලා... - චතූ
චතුරංගි හර්ශිකා 4 years ago 100 2 2
2020 අගෝස්තු මස 03 වැනිදා බොහෝ හෝරා පුරාවට හිත හීන දියකර නුඹේ මුව මත... ගෙතූ පද වැල් අරුම වත ගොත ලියූ දින පොත අවතැන්ව ඇත... හඩා වැලපෙන හිනා පුබුදන වදන් පෙරලූ නැවුම් හිත් පොත... අකාලයකට මිය ගියත් ඔබ මියැදි කවිකම තවම මා ළග... - චතූ
චතුරංගි හර්ශිකා 4 years ago 120 3 2
2020 අගෝස්තු මස 03 වැනිදා කාලයේ තෙරක් නැති අරුම ගමනේ යෙදෙන වන්දනාකරු මමයි ජීවිතේ සොයා යන... හීන බිදුණත් නිතර යළි යළිත් හීන දෙන නුඹත් වන්දනාවක් ය සරසවිය මගෙ සිහින... වැටෙන නැගිටින නමුත් හඩන හිනැහෙන හිතට ගන කළු වළා ඇවිත් අදුර දුන්නත් නිතර... අනන්තේ දුරක හිද පවසනා ගී නිතර මගෙ හීන සරසවිය නුඹට මේ කවි පොකුර... කැන්වසය මත මගේ ජීවිතේ සායමින් හීන පින්තාරුවට මමත් එමි ඉක්මනින්... - චතූ
චතුරංගි හර්ශිකා 4 years ago 116 1 0
2020 ජුනි මස 08 වැනි දා පෘතග්ජනත්වය තුළ ඇතිකරගන්නා බැදීම් තුළින් සතුටක් බලාපොරොත්තු නොවිය යුතු ය. එය හුදෙක් වේදනාත්මක ප්‍රතිඵල ගෙනදෙන ප්‍රීතිමත් ක්‍රියාවලියක් පමණි. ඔබ බැදීමකින් සතුටක් පතන්නේ නම් එය කදිම විහිළුවකි. - චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps