1,799 Total Nisadas Found





Naween Perera 2 years ago 247 0 2

Nisadas Image

෴ සාපේක්ෂයි හැමදේම ෴

දුටුවොතින් නුබේ රුව මගෙ නෙත් පුරාම
හදවත පිරෙන සතුටු සිතුවිලි එකල
මගෙ හිතට හැමදාම එහෙම දැනුනාට
එහෙමත් සතුට උබ හට නිකමටවත්
දැනුනේ නැතිද...
මගෙ දෑස හැමදා උබවම ඉල්ලුවාට
තනි හිතකට තිබුන උවමනාවට
පෙර මං පැමිණ ආපසු යන වෙලාවට
වගේ වගක් වත් නිකමටවත්
උබහට තිබුනාවද...
දෙතැනක තිබුනු අපි දෙන්නාගේ සතුට
මගෙ සතුටු හිත එක්කම උබේ හිත
කොතනක කොහෙට කියලා
සමපාතයි කියන්නද...
බහට මගෙ වටිනාකම දිග හැරිය
ඒ බහටම ආදරෙ පදවැල් ගෙතුව
ඇත්තට උබට මාවත් මේ හිත වත්
ගැඹුරින් බැලුවාම නිකමටවත්
ඇල්ලුවෙ නැහැනේද...
උබෙ මානයෙ ඉදන් ඔය හිතේ ඇදි රූප
මගේ විදිය ඒකට කිසිවිට සරි නොවුන
අහිංසක පෙමක් පැතුව නුබ එක්ක
මුදු උන මේ යකඩ හිත නිකමටවත්
පෑහුනෙ නැතිද...
දුක සතුට වෙන වෙන තැන්වල
ආදරේ කියන්නෙම මේ හැමදේම
එක්තැනට සරි වන එකම නොව
මධ්‍යස්ථය මත පිහිටා
සාපේක්ෂයි හැමදේම
නුබ ඉන්න තැන ඉදලා
ගලපාගෙන ඉන්න දැන්වත්
ඔය හිත දැන් නැවතුන තැන ඉදලා...

~නවියා~

චතුරංගි හර්ශිකා 2 years ago 449 4 2

Nisadas Image

❤️

සැඳෑ අහසට අඳුර අරගෙන හදිස්සියෙ ඉර මුවා උනහම
අමාවක හිස් අහස මැද්දේ සඳේ සේයාවකුත් නොවුනම
හදිස්සියකින් කඩා වැටෙනා තාරුකාවක් දෙකක් දැක්කම
අදත් ගැස්සෙන හිතක් ඇත මට රිදුම් දෙන මතකයක් එක්කම...

රතුම රතු දිග වලාකුළු ඇති හවස අහසක් පුරා පැතිරුන
දුකම දුක නිශ්චලම දවසක හුදෙකලා හිත පුරා නැවතුන
අනවසරයෙන් හිතට ගොඩ වී හිතේ ගැඹුරුම තැන් හොයාගෙන
කඩා වැටෙනා තරුවක්ද නුඹ එකම කවියක් ලියා මියැදුන...

දුරුත්තේ හීතලම හවසක අහසෙ රහසේ පාවෙලා එන
රිදුම් සීරුම් කඳුලු එක්කම මතක හසරැල් නිවා දල්වන
මැකුණු පා සටහන් පිරුණු බිම අපේ මතකය සොයාගෙන යන
බිඳෙන බව දැන බැඳුනු තැන්වල තිබුණේම හරි අමුතු ලස්සන...

චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps