1,796 Total Nisadas Found





සිතුවිලි පාරමී 4 years ago 182 3 2

Nisadas Image

පැතූ කෙනා ඔබ සෙවූ කෙනා ඔබ ළග ඉන්නට මුළු සංසාරේ

පොත් පිටු අතරේ ඇදෙනා ඔය රුව
සිතුවිලි අතරේ රැදුනු තරම්
සිහිනෙන් මැවෙනා ඒ රූ අතරේ
සුසුම් සුවද මට දැනුනු තරම්
විදපු තරම් ප්‍රේමේ හැගුමන් මා
සිහිනෙන් ඔබ හා බැදුණු තරම්
දැනුනා සෙනෙහේ උතුම් හැගුම් මට
දැනුනා ඔබගේ සෙනෙහෙ තරම්

ආදර සිතකට ආලය පමණයි
හැමවිටකම ඕනෑ වෙන්නේ
මට ඔබගෙන් දැනෙනා සෙනෙහස මගෙ
හිත හැමවිටකම ඉල්ලන්නේ
ලෝකය මොන මොන කතාව කිව්වත්
මට නම් ඒව නොඇසෙන්නේ
ජීවත් වෙන්නට මට ඔබ ඕනේ
බව පමණයි මා නම් දන්නේ

කටුකයි මා යන ජීවන මං පෙත
ගල් මුල් පමණයි හමු වූයේ
ඒ මං පෙත පිපි සුන්දර සුවදැති
මල ඔබ ලෙසටයි මට පෙනුනේ
ගත දා නිවලා හමනා මද නල
ඔබෙ සුවදයි මට ගෙන ආවේ
දැනුනා ඔබ මා පැතූ කෙනයි ළග
ඉන්නට මේ මුළු සංසාරේ

❤පාරා❤







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps