Latest Writings



Ranatunge Jayawardene 1 week ago 17 0 0

Nisadas Image

ධර්මතා

" මොලේ ඇති, මා මිතුරු;
මං ඉන්න ශරීරය
ඔබට මේ කියන්නේ
ඔබෙන් 'මම' අහන්නේ.. "
*
ඔබ මාව ගෙනයන්නෙ
කොයිබට ද? ඇත්තෙන්ම
හැමදේම පිළිවෙලට
තමයි මං කරන්නේ
දැනගන්න ඕන මට
කොහොම ඒ හිතන්නේ
'දෙවියන්ද' කියන්නේ
කවුද ඒ කරන්නේ ?
*
වැඩි මනත් දන්නෙ නෑ
ඉපදුනා ලොකුවුනා
ලෙඩ වුනා හොඳ වුනා
හිනැහුනා දුක් වුනා
මං නිකං 'මම' වුනා..
*
හරිම හරි ලෝකයක්
සැලැසුමක් දන්නෙ නෑ..
වෙනස තේරෙන්නෙ නෑ
ඉපදෙනා ලොකුවෙනා
ඔබ දකින 'මම' වෙනා..
මම මුකුත් කලෙත් නෑ
ඔබ මුකුත් කළා දැයි
මටම වැටහෙන්නෙ නෑ..
*
පොඩි උන්ද ලොකු වුනේ
ලොකු උන්ද වියපත්ව,
මිය ගොහින් ඉපදුනේ ..
කවුද මේ කරන්නේ
කොහොම මේ දකින්නේ
***
" ජීවිතය පැලකරන්
ජීවිතේ ගොඩනගන
'ජීවිතේ' සාරයෙන්,
ගමන් යන, සැරිසරන ..
දේහයක් අරක් ගෙන,
කාලයක් ගත කරන ..
සාර ගුණ රැස් කරන
එයම වියදම් කරන
එයම තැන්පත් කරන්
සංසාර ගමන යන !
මේ සසර පුරාවට
ඔබ එක්ක සැරිසරන
'ධර්මතා' මගේ නම
ඔබ ළඟම ගොඩ නැගෙන"
-------------------------------------------
රනේ/02ඔක්2024/ධර්මතා





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps