Ranatunge Jayawardene 1 week ago 29 0 0

Nisadas Image

සොහොයුරා

ඔබව මට ඒ සොහොයුරාමයි
රතට මල්පෙති හැලී තිබුනත්
පයට පෑගී ඉරී තිබුනත්
ප්‍රභාවත් වන අපේ පෙරමග
සොහොයුරා මම ඔබ ළඟින්මයි
තවම අතහැර නොගත් පණ වන්
*
අවධි කල මා උදයෙන්
ඉරත් නිදිගත් ලොවකින්
කපා මීදුම කිරණින්
එළිය සේ ඔබ ඇවිදින් .!
*
ගමන් කර එන එක මඟ
හිතෙන් අල්ලන් හයියෙන්
හුස්මක් දුරින් හිටියත්
බරද පියවර? නොඅසම්
*
සොහොයුරා ඔබ වූවයි
තවම අතහැර නොගත් පණ වන්
හිතෙන් අල්ලන් හයියට
ගමන් කර එන එකට එක මඟ !
--------------------------------------------------
රනේ/29සැප්2024/සොහොයුරා

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps