Ranatunge Jayawardene 4 days ago 18 0 0

Nisadas Image

සිහිකිරීමයි !

හීන රැසක් මත මම මැදි කරලා
තියෙන තියෙන දේ වියදම් කරලා
ඔබ නොදුටුව ලොව මට යා කරලා
නිදනව ඔබ මෙහි මම තනි කරලා
*
ඔබ ගේ බඩගිනි, මට දැනිලා නෑ
ඔබ විඳි කරදර මට දීලා නෑ
සෙනෙහස රැකවල අඩුවක් කර නෑ
වන්දි ගෙවන්නට මා ළඟ ඔබ නෑ ..
*
අසරණ වූ අය මට හමුවෙනවා
ඒ දුක් බැල්මට හිත උණු වෙනවා
ඇවැසි පිහිට මම නොඅඩුව දෙනවා
ඉන් උපයන පින ඔබට එවනවා ..
*
දවසේ අවසන ඔබ සිහි කරලා
මෙත් සිත වඩවා දසතම පතුරා
කුළුණු ගුණෙන් පිරි ඔබෙ ගුණ කියලා
පතනව මොක්සුව හැම සත නිවනා !
---------------------------------------------------
රනේ /09ඔක්2024/සිහිකිරීමයි !

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps