1,799 Total Nisadas Found





Dream Chasar 2 years ago 189 0 0

Nisadas Image

පුංචි සිත්තම ❤️✍️

*..අමුණන්න පද වැල්
නොදත් මල් කුමරියේ...
අකුරු කරනට යමක්
හැගුම් ඇත ඔබ අතේ

*..සිත්තමක් ඇන්දා ඔබ
ඔබෙ මවගේ තුරුල්ලේ
ඔය පුංචි ඇස් කොනෙන්
පාට කර අපෙ ජීවිතේ ...

*..පුංචි සුරතලිය නුඹ
වගකීම් මා අත තැබූ
වගවීම් ඉතිරි කර
අපව හැරයන දිනේ ...
කියන්නෙමි කවි පෙලක්
ආදරෙන් මගෙ දුවේ ...

*..තාලයක් රහිතවම
කවි ගොතන කාලයේ
මට මතක නුඹ තාම
මගෙ පුංචි දුව වගේ...

*..ඔහුගේ අත කෙලෙසකද
අරගත්තේ ඔය පෝරුවේ
අමතකද ඇවිදින්න
අත දුන්න පීතෘ සෙනේ ...

*..දරාගන්නට බැරිව
ඇය තවම නිස්කාරනේ
ඉක්මනින් පැමිනෙන්න
ගේ හිස්ව ඇත දුවේ ..

*..පුතේ ඔය කෙල්ල මං
රැක්කේ ඇස් දෙක වගේ
එපා වුනොතින් ගෙනත් දීපන්
ඔය රෝස මල මගේ ...

*..හුරුවෙන්න කල් යාවි
දුව දුරට ගිය යාමයේ
හුරුවෙයන් මගෙ මැණික
අපෙ සැදෑ ජීවිතේ ...

°•නිසදැසකට එහා ගිය පීතෘ ප්‍රේමය•°
???????????????????? ???????????????????????? ❤️✍️







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps