චතුරංගි හර්ශිකා 3 years ago 145 4 7

Nisadas Image

මම ගුරු ගීතයේ දුයිෂෙන් වුණා නම්,

මටත් ආසයි දුයිෂෙන් වගේ
ගොඩක් ලස්සන
හදවතක් තියෙන
අපූරු ගුරුවරයෙක් වෙන්න...?

මටත් ඕනි
දුප්පත් ලස්සන ගමක
ඒ වගේම ආදරණීය
පාසලක් ගොඩ නගන්න...?

මටත් ඕනි
ආදරණීය ළමයින්ගෙ
නෙත් පාදන්න
මගෙ ජීවිතේ වෙන් කරන්න...?

නමුත් මට ඕනි නෑ
අල්තීනායි අමතක කරලා
තනිව ඉන්න
හිත හදාගන්න...?

මට ඕනි
ජීවිතේ අසරණ වුණු
ඈට පිහිට වෙලා
සිප් සතර දෙන්න...?

නමුත් මට ඕනි නෑ
දුයිෂෙන් වගේ
සදහටම ඈව
අමතක කරලා දාන්න...?

මට ඕනි
ආදරේ ගැන
හිතේ ලියපු කවිය
ලෝකෙටම ඇහෙන්න කියවන්න...?

හැබෑවටම මට බෑ
දුයිෂෙන් වගේ
ආදරෙන් ඈත් වෙලා
හැමදාම අසරණ වෙන්න...?

මම,
චතූ✍
2020 නොවැම්බර් මස 02 වැනි දා
ප.ව.03.50

Comments (7)

Geethanjalee ? 3 years ago ??

චතුරංගි හර්ශිකා 3 years ago ❤❤

ශශී❤️? 3 years ago ලස්සනයි ❤

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤

Deesha(දීෂා)❤️ 3 years ago ගොඩක්ම ලස්සනයි අක්කි ඒත් මොකක්ද මන්දා ලොකු වේදනාවක් ඒ වචන ඇතුළෙ හිරවෙලා ?

චතුරංගි හර්ශිකා 3 years ago Thnq...?

S Night 3 years ago Lasanai gidak aw





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps