චතුරංගි හර්ශිකා 3 years ago 135 4 5

Nisadas Image

බලා ඉමු

හරිම පාළුයි
වෙනදාට හඩන
කුරුල්ලොත් අද
චාරිකාවක් ගිහින් වත් ද?

ඒත් ඉතින්
ඇදිරි නීති මැද
මොන චාරිකාද
මේ වෙලාවට...

කුරුල්ලන්ට ඉතින්
කොයින්ද තහනම්
ඕනි වෙලාවක
ඈතක ඉගිල්ලෙන්න...

ඒකත් අමතක වුණා
කුරුලු තටු වලටත්
අපූරු නිදහසක්
තියෙනවා නේද...

ඒ කොයික වෙතත්
අපි කුරුල්ලෝ නොවෙන නිසා
පරිස්සමට
ගෙදරටම වෙලා ඉමු...

කාලය තමයිලුනෙ
හොඳම බෙහෙත
බලා ඉමු අපිත්
පියාඹන්න දවසක් ඒවි ඉක්මනට...

මම,
චතූ

Comments (5)

Geethanjalee ? 3 years ago පරිස්සමට ඉන්න අක්කි?❤️

චතුරංගි හර්ශිකා 3 years ago ඔයත්?

ශශී❤️? 3 years ago ම්ම්ම් කාලය හැමදේම විසදයි..?❤

Deesha(දීෂා)❤️ 3 years ago අනිවාර්යයෙන්ම ❤️

චතුරංගි හර්ශිකා 3 years ago ම්...





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps