චතුරංගි හර්ශිකා 3 years ago 148 3 5

Nisadas Image

?මේ තරම් දේවල් වෙනකොට සක් දෙවිඳු විශ්‍රාම ගිහින් වෙන්න ඇති?

__________________________________________

කුරුල්ලෙක් මරබියේ කෑ ගහනකොට?
අහස ගුගුරවමින් මහ වැස්ස වැටුණ හැටි...?

වතුර නැතුව මිනිස්සු තැවෙනකොට☀️
දෙරණ පුරාවට ඉර කැටයම් මවපු හැටි...

තිස් අවුරුදු යුද්ධය අන්තිමේදි
මිනිස්සු විසින්ම ඉවර කරපු හැටි...⏳?

එකා පිට එකා මැරෙනකොට
මොන දෙවියෙක් වත් මේ පැත්තෙ නෑවිත් උන්නු හැටි...?

රොතු පිටින් මරාගෙන තලාගෙන?
මහා සුළි කුණාටු ලෝකෙ කළඹන හැටි...

සානුකම්පිත හාස්කම් ඉස්සර තිබුණාට
මතකද මෑතක අලියෙක් පොඩි දරුවෙක්ව පාගලා මරපු හැටි...?

බුදුන් කල හෝ සක්විති රජුන් කල
තිබුණු කිසිදු ශක්තියක් දැන් ලෝකයේ නැති හැටි...?

හැම දෙයකටම අපිම පිළියම් හොයනවා මිස
හාස්කම් ගැන සිතීමෙන් දැන් පලක් නැති...?

සක් දෙවිඳු පවා තම දීර්ඝ සේවා කාලයෙන් පසු
නිදහසේ විශ්‍රාම යන්නැති...??

මේ බුදුන් වැඩි දිවයිනේ හාස්කම් නම්
තවත් නැතුවැති...⏳?

රොතු පිටින් බෝධිවලට වැන්දට
කොරෝනා නසන්න බෙහෙතක්ම හොයා ගත යුතුව ඇති...?

අන්ධ පුද පූජාවෙන් එපිට ?
ලෝකය දිහා බලන්නට දැන් අපිටත් කාලෙ හරි ඇති...?

මම,
චතූ
2020 නොවැම්බර් මස 02

Comments (5)

Geethanjalee ? 3 years ago ??

චතුරංගි හර්ශිකා 3 years ago ?❤

ශශී❤️? 3 years ago ගොඩක්ම ලස්සනයි නන්ගි.❤

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ??

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි වගේම අර්ථවත් ✍️❤️ ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps