චතුරංගි හර්ශිකා 3 years ago 139 4 5

Nisadas Image

?සැබෑව සහ කල්පිතය අතර දෝලනය වන කවිය සහ මම?☔

?හුදෙකලා කවි වලට
ප්‍රස්තුත බොහෝමයි
ඒ හැම ප්‍රස්තුතයක්ම
අත්දැකීමක් නොවේමැයි...☔

?හඳට ප්‍රේම කළ බව කියන්නම්
නමුත් හැබෑවටම
මම පුර හඳට පෙම්
නොකළා විය හැකියි...??

?විරහ ගීත ලියන්නම්
නමුත් මම හැබෑවටම
විරහවක් අත් නොවින්දා
විය හැකියි...??

❤මම ප්‍රේමයට කවි බදින්නම්
නමුත් මම අත්දුටු
ප්‍රේමයක් නොතිබුණා
විය හැකියි...❤?

?කවි සහ වචන එකතු වූ
අරුමැසිය
සැබෑව හා කල්පිතය අතර
දෝලනය වන අපූරු කතාවකි...✍?

මම,
චතූ

Comments (5)

Geethanjalee ? 3 years ago ?

චතුරංගි හර්ශිකා 3 years ago

ශශී❤️? 3 years ago ❤?❤

Deesha(දීෂා)❤️ 3 years ago Oho woow akki ❤️?

චතුරංගි හර්ශිකා 3 years ago Thnq❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps