චතුරංගි හර්ශිකා 3 years ago 158 3 3

Nisadas Image

?මමත් ඒ ප්‍රහේලිකාවේ තවත් එක කොටුවකි. ✍

ජීවිතේ නැවතීමක්
සොයමින් බලා සිටියෙමි...
කාලය මට දුන්
බලාපොරොත්තු මහ ගොඩකි...??

දෙපා ඔසවා තව යන්න
තිබෙන දුර ගව් ගණනකි...
මේ මහා විශ්වය ගැන
තවම මම දන්නේ අබැටකි...?☀

මටත් කියන්නට
කතාවක් තිබේ...
මේ ගහ කොළ මල් යට
ලෝකය සැබැවින්ම අරුමයකි...?

ලොවට රහසින් බොහෝ තැන්වල
විඳවනා උන් ද මහ ගොඩකි...
මේ මහා ලෝකය වනාහි
විසදා ගත නොහුණු ප්‍රහේලිකාවකි...❄️?

මමත් ඊළග මොහොත පිළිබඳ
නිශ්චිත බවක් නැති...
ඒ ප්‍රහේලිකාවේ
තවත් එක කොටුවකි...?

මම,
චතූ

Comments (3)

ශශී❤️? 3 years ago කිසිම දෙයක් නිශ්චිත නෑ චතූ❤️

Deesha(දීෂා)❤️ 3 years ago ඔව්මයි අක්කි ❤️?

චතුරංගි හර්ශිකා 3 years ago Mm...❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps