චතුරංගි හර්ශිකා 3 years ago 140 6 7

Nisadas Image

කුරුටු ගෑ ගී??

ඇත්තමයි මං කවියක්
මගේ හිත මද පවනක්
ඇවිත් මෙහිම රැදෙන්න
වසන්තේ ගැන කියන්න...

ආදරේ මට දෙන්න...//

ප්‍රේමයේ මම නොදුටු කවිපද
හෙමින් මට කියා දී යන්න
සොඳුරු ජීවිතේ ළග ඉන්න
හැමදාම මේ මාවතේ නවතින්න...

ගිරි දුර්ග මැද යනෙන ගමනට
හැකිද අත්වැල වෙන්න
හැකිද මිහිරිම ගීතයක් තුළ
තනුව වී නවතින්න...

ආදරේ මට දෙන්න...//

මං ගායනාවක්
හිත ලියූ කොලයම
මට හැකියි ඔය
සුරතේම රදවන්න...

නේන ගමනට
හීන ඇහිඳින
ඊට පෙර මල් නිතර පුබුදින
ජීවිතේ නුඹ ගන්න...

ආදරේ මට දෙන්න...//

මම,
චතූ?❤

Comments (7)

Rasika Maduwanthi 3 years ago Adare deyi

Geethanjalee ? 3 years ago Lassanai akki❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ?❤

ශශී❤️? 3 years ago ගොඩාක් ලස්සනයි චතූ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ??

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි අක්කි ?

චතුරංගි හර්ශිකා 3 years ago Thnq ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps