චතුරංගි හර්ශිකා 3 years ago 106 4 6

Nisadas Image

?හීන?

☀සරත් සෘතුවට
නිහඩ නිසංසල
තණ පිටි පුරාවට
ඇහැළ මල් හැලුනාලු...?

❤වසන්තෙට පෙරම ඔය
රතු රෝස මල් වලත්
ගස්වලට රහසේම
සුවද තැවරී ඇතිලු...?

?කහපාට ඉරමලට
ගායනා කරනකොට
තාරුකා නොහිතාම
හිරු රැසට පෙම් කළාලු...☀️

?මටත් ආසයි ගිහින්
සොබාදම සිප ගන්න
මේ කෘතිම ගොඩනැගිලි
පිරි බිමෙන් එපිට ගොස්...?

?රෑට දෙණියේ නටන
සුරගනන් නරඹන්න
මමත් එන්නද
හවහාට වැව් ඉස්මත්තට...?

?හරි ආසයි
මැරෙන්න පෙර
ජීවිතේ එක දවසක
සොබාදහමට ළං වෙන්න...?

?කිරිල්ලක් වෙලා
ගගනතේ දුර ඈත
මට ආසයි හොරෙන්
අනන්තෙට පියඹන්න...?

?දේදුන්නක් මත
තනපු මැදුරක
ජීවත් වෙන්නම්
ගගන මායිමේ මම...?

මම,
චතූ?❤

Comments (6)

Geethanjalee ? 3 years ago Matath aasai?

චතුරංගි හර්ශිකා 3 years ago Mmm...?❤

ශශී❤️? 3 years ago Superb ❤?

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ?

Deesha(දීෂා)❤️ 3 years ago හරිම ලස්සනයි ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps