චතුරංගි හර්ශිකා 3 years ago 159 5 7

Nisadas Image

මම සහ නුඹ

රෝස පෙත්තකට
පිණි බින්දුවක්
බර වැඩියි ද
මලකින් ම අහන්න...

ආදරේට
උඹ දුන්නු
කදුළු කැටයම්
බර නැහැ හැකියි දරාගන්න...

සදාකාලික
නොවන හීනවල
සොඳුරු සිතුවම්
නොහැකිද අදින්න...

ජීවිතේ හැම
මිනිත්තුවකම
නතර නොවුණු
ආදරයක් නුඹ හිත ළගින් ම...

හදවතින් පමණක් ම
මම නුඹ වෙත පිදු ආලය
මා මියෙන තුරාවට
තිබේවි හදෙහි ගැඹුරින් ම...

ප්‍රේමය නමැති ආගාරයේ නුඹ
මගේ මතකය මත
මට හොරෙන් හැමදාම
පා තබා ඇවිදින්න...

මේ රෝස පෙති වලට
උඹ දුන්නු කදුළු කැට
බර නැහැ හැකියි මට
හැමදේම උහුලන්න...

හබල අහිමි ජීවිතේ නැවට
එක කුණාටු දිනයක
සරණක් වෙලා දියඹ
තරණයට රුකුල් දෙන්න...

මට හැකියි හැමදාම
මගේ මෙන් ම
උඹේ කදුළුත්
දරාගෙන හිනැහෙන්න...

මම,
චතූ

Comments (7)

Rasika Maduwanthi 3 years ago කදුලූ දරගෙන හිනැහෙන්න දැනට අනාගතෙදි සතුට විතරක්ම උරුම වෙයි නුබට

Geethanjalee ? 3 years ago කදුළු මැදින් සිනාසෙන්න සතුට දැනෙයි හැමදාමත්...❤️?

චතුරංගි හර්ශිකා 3 years ago Thanks Dr?❤

ශශී❤️? 3 years ago Lassna sithuwili..??

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ?❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps