චතුරංගි හර්ශිකා 3 years ago 142 4 5

Nisadas Image

එක ප්‍රේම පූජාවක්

වසත් අහසට
ආදරෙයි මම
පරවියෙක් රහසින්ම
කිව්වා...

අකාලික කුළුදුල්ම
සෙනෙහස
පරෙවි තටු මත
කවි ඇහින්දා...

ප්‍රේමයට
කවිකාර පූජා
දෙවගනුන් ළග
නිතර තිව්වා...

සදත් රහසින්
මද පවන හා
වසත් කාලය
අරන් ආවා...

වසන්තේ එක
දිනෙක විකසිත
පරෙවි හදවත
පෙම විමසුවා...

ලොවම කම්පා
කරවමින් පෙම
දෙපා අභියස
කඩා වැටුණා...

පෙර වගේ
හැමදාම ලන්දේ
රතු රෝස මල්
නිතර පිපුණා...

ලොවට රහසින්
ඔහේ ගොල්ලක
පරවියෙක් ඉකි
බිදිනු ඇසණා...

මම,
චතූ

Comments (5)

Geethanjalee ? 3 years ago ??

චතුරංගි හර්ශිකා 3 years ago ❤✍

ශශී❤️? 3 years ago ?❤️?

Deesha(දීෂා)❤️ 3 years ago අනේ ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps