චතුරංගි හර්ශිකා 3 years ago 137 4 6

Nisadas Image

අපූරු කතාවක්!

පෙර දිනෙක හැන්දෑවේ
නොසිතූ මොහොතක
අහම්බෙන් මෙන් මට
හරි අපූරු මිනිසෙක් මුණගැසුණි...

හෙතෙම තම ඇකයේ
සුරතල් කුඩා දරුවෙකු හොවාගෙන
ළදරු උයනේ
තනිව ඇවිදිමින් සිටියේය...

මා හා පිළිසදරට වැටී
හරි අපූරු කතාවක්
ඔහු මගේ සවන් මත
මෙලෙස තැබීය...

ඈ පරසතු කුසුමකි
සරසවියේ සිහින උයනේ පිපී
දෙනෙත් මත් කරමින්
සුන්දර හීනවල හිනැහුණු...

ඔහු ප්‍රේමණීය
හදවතක පිරුණු
සෙනෙහසක් දෝත දැරූ
කවිකාර පෙම්වතෙකි...

මේ අතර වාරයේ
ඔහුට ප්‍රථම
වෙනත් බඹරෙකු
රූබර පරසතු මල තමා සතු කරගති...

අප්‍රකාශිත යොවුන් ප්‍රේමය
හදවත තුළම කවියක් වී
සෞන්දර්යවාදී පෙම්වතා
නිරුත්තරව බලා උනි...

කාලය ගෙවී
සරසවියෙන් එපිට ලොවේදී
ඔහුගේ සිහින කුමරිය
ආගන්තුක බඹරාගේ අත ගති...

නෙතේ කදුලක් තියා
තම පෙම්වතිය
ඔහු හා යනමග
සෞන්දර්යවාදී කතානායකයා බලා උනි...

කාලය ඊයක වේගයෙන්
ගෙවී ගොස් නොසිතූ මොහොතක
ප්‍රේමණීය යුවල අවාසනාවන්ත ලෙස
මෙලොව හැර ගියහ...

සෞන්දර්යවාදී පෙම්වතා
මවක් පියෙක් අහිමි පුතුට
ලේ බැම්මක් පවා නොමැතිව
ප්‍රජාපතියක් විය...

අවසාන වශයෙන්
ඔහු මට මෙසේ කීවේ ය...
"මහ උන්ගෙ කදුළු
පොඩි උන්ට දැනෙන්න දෙන්න හොඳ නෑ"

මම,
චතූ
2020 ඔක්තොම්බර් මස 31

Comments (6)

Geethanjalee ? 3 years ago Lassni akki?

චතුරංගි හර්ශිකා 3 years ago Thanks nangi?❤

ශශී❤️? 3 years ago අනේ ?❤

චතුරංගි හර්ශිකා 3 years ago ම්...❤✍

Deesha(දීෂා)❤️ 3 years ago අනේ අක්කි ? පද ගැළපීම ලස්සනයි

චතුරංගි හර්ශිකා 3 years ago Thanks dr





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps