චතුරංගි හර්ශිකා 3 years ago 168 4 6

Nisadas Image

ආදරණීයය

උවනත පුරා මදහස නංවාලන්න
හදවත කොණක ඇවිදින් ඉඩ අරගන්න
සදවත පුරාවට එක කවියක් වෙන්න
ප්‍රේමය නුඹ හොරෙන් මල් විමනට එන්න...

අවසග නොවන හිත ළග සැගවී ඉන්න
සීතල ගොම්මනක මගෙ නෙතු සිපගන්න
රෑ කොවුලන්ට මද නළ කී රහසින්ම
මගෙ දෙසවන් සනහා නෙතු පියවන්න...

නිලුපුල් පෙති මානෙල් මල් සරසන්න
වලාකුළු විමන් මැද ඇවිදන් යන්න
හීන් සීරුවේ ප්‍රේමය පහදන්න
සුන්දර කවියක් ව දෑතේ පැටලෙන්න...

මන්දාරමට කුඩයක් නැති ගොම්මනක
හීන් පොද වැටෙන හිරිකඩ සීතලක
හදවත පුරා ගීයක් වී උණුසුමට
ආසයි නුඹ එක්ක තව දුර ඇදෙන්නට...

ලා හිරු එන තුරා පෙරඹර අහස යට
මැදියම් හීනයක දොඩමළු වී ඉන්න
දෙසවන් පුරා ඔය සිනහව තවරන්න
ආදරණීය නුඹ මා ළඟ නවතින්න...

මම,
චතූ

Comments (6)

Geethanjalee ? 3 years ago ??

චතුරංගි හර්ශිකා 3 years ago ?❤

ශශී❤️? 3 years ago ගොඩක්ම ගොඩක් ලස්සනයි ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ???

Deesha(දීෂා)❤️ 3 years ago Woooow? ලස්සනයි

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps